බත් කන වියදම ස’ එද්දී ගාණට වඩා ඩබල් වෙලා! මෑත ඉතිහාසයේ වැඩිම වියදම දෙසැම්බරයේ! වාර්තාවක්

ඇඩ්වකාඩා බත් කරි ඉන්ඩිකේටරය හෙවත් බත් සහ මාළු කරි සඳහා යන වියදම පිළිබඳ දර්ශකය අනුව අපේ කෑම වියදම් සීයට 15කින් දෙසැම්බර් මාසේ ඉහළ ගිහිල්ලාලු.

ගෝඨාභය රාජපක්ෂ රට බාරගත්ත 2019 ඉඳන් බැලුවොත් වියදම ඩබල් වෙලා. හතරදෙනෙකුගෙන් සමන්විත සාමාන්‍ය පවුලක සතියක වියදම තමයි ඔවුන් ගණන් හදන්නේ. ඔවුන් මේ වියදමට ඇතුළත් කරගන්න බඩු මල්ලක් තියෙනවා. දැන් ඒක රුපියල් 1593ක්.

මේ දර්ශකයේ ඉහළ යෑමට වැඩිම දායකත්වයක් දීලා තියෙන්නේ ඉහළ ගිය එළවළු මිල ගණන්. මිරිස් ග්‍රෑම් 100ක් රුපියල් 18 ඉඳලා 71ක් දක්වා ඉහළ ගිහින්. ඒ කියන්නේ සීයට 289ක ඉහළ යෑමක්. වම්බටු වියදම සීයට 51කින් ඉහළ ගිහින්. රතුළූණු සීයට 40කින් ඉහළ ගිහින්. බෝංචි සහ තක්කාලි සීයට 10කින් ඉහළ ගිහින්.

මේ දර්ශකය නොවැම්බර් මාසේ මිල ගණන් එක්ක දෙසැම්බර් මාසයේ මිල ගණන් සංසන්දනය කරනවා. නොවැම්බර් මාසයේ වියදමත්, ඊට කලින් මාසවලට වඩා ඉහළම අගයක් වාර්තා කළා. මේ ඇවිල්ලා මෑත ඉතිහාසයේ වැඩිම මිල ගණන බව ඔවුන් පෙන්වා දී තියෙනවා.