බන්දුලගේ ඩොලර් අද නොවේ හෙට! ආනයනකරුවන් බන්දුල පොරොන්දු වූ ඩොලර් එනතුරු බලාගෙන

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන භාණ්ඩ ආනයනකරුවන්ට අවශ්‍ය ඩොලර් නිදහස් කරවලා දෙන බව කීවත්, ඒ පොරොන්දුව ඉටු නොවීම නිසා පසුගිය සිකුරාදා වන විටත් කන්ටේනර් 1500ක් පමණ වරායේ හිරවෙලා තිබුණාලු. ආහාර ආනයනකරුවන්ගේ සංගමයෙනුත් කන්ටේනර් 1500ක් සිරවෙලා තියෙන බව තහවුරු කරමින්, නරක් වෙන විදියේ ආහාර සුළු ප්‍රමාණයක් පමණක් නිදහස් කරගත් බව කියා තිබුණා.  

මේ ගැන සන්ඩේ ටයිම්ස් කළ විමසීමකදී අදහස් දැක්වූ රේගු ප්‍රධානී විජිත රවිප්‍රිය කියා තිබුණේ අර්තාපල්, ළූණු ආදී නරක් වෙන ජාතියේ භාණ්ඩ තොග නිදහස් කිරීමට පියවර ගනිමින් සිටින බව. කෙසේවෙතත් රේගු දෙපාර්තමේන්තුවේ තොරතුරු ඇතුළත් පරිගණක පද්ධතිවලට නිසි තොරතුරු සැපයීමට ආනයනකරුවන් අසමත් වී ඇතැයි ඔහු කියා තිබුණා.

සහල්, පරිප්පු ආදී අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් කන්ටේනර් තවමත් හිරවෙලා. මේ වෙද්දී ඒවා නිසා ඉඩකඩ ප්‍රශ්නයක් පවා උදා වෙලාලු.