සුසිල්ව යවලා මදි! ආණ්ඩුවේ සැප අරන් ආණ්ඩුවට ගහන හැමෝම එළවන්න – පොහොට්ටු පසුපෙළ ඉල්ලයි

පොහොට්ටුව සහ ඒ පක්ෂයේ ආණ්ඩුව විවේචනය කරන ආණ්ඩු සන්ධානයේ මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් වහාම පියවර ගන්න කියලා පොහොට්ටු පසුපෙළ මන්ත්‍රීවරුන් නායකයන්ගෙන් ඉල්ලලා තියෙනවාලු.

ඒ කියන්නේ සුසිල් නෙවෙයි, ඊට එහා ගිහින් මේ ආණ්ඩුවට විකල්ප නිර්මාණය කරන්න උත්සාහ කරන ශ්‍රීලනිපය, විමල් පිල ආදී කණ්ඩායම් ගැනයි පොහොට්ටු පසුපෙළ මන්ත්‍රීවරුන් ඉල්ලීම් කරලා තියෙන්නේ.

මේ ගැන ඉරිදා පුවත්පත්වලට අදහස් දැක්වූ පොහොට්ටු මන්ත්‍රීවරුන් ගණනාවක් කියලා.

කොහොම වුණත් මේ තත්වය ගැන ඉදිරි සති දෙක ඇතුළත ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හම්බවෙලා පොහොට්ටු පසුපෙළ මන්ත්‍රීවරුන් සාකච්ඡාවකුත් කරනවාලු. පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම්, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වගේ අය ඉරිදා පත්තරවලට මේ කාරණය කියා තියෙනවා.

ඊට අමතරව ශ්‍රීලනිප සාමාජිකත්වය තියාගෙනම ආණ්ඩුවට ගහන සුසිල් ප්‍රේම්ජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ජෝන් සෙනෙවිරත්න ඇතුළු ‘අන්තිම වෙනකං ශ්‍රී ලංකා, පොහොට්ටුව බලවත් වෙද්දී පැනගත්ත’ පිරිස ගැනත් තීන්දු ගන්නවාලු.