ශ්‍රීලනිපය අලුත් සන්ධානයකින් ඊළඟ ඡන්දෙට ලෑස්තියි! අපි නැත්නම් ගෝඨා ජනාධිපති නෙවෙයි! – ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති     

ඉස්සරහට එන ඕනෑ ඡන්දයකට අලුත් සන්ධානයකින් තරග කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මව්බිම පත්තරයට කියා තියෙනවා.

පොහොට්ටුවට තමන්ගේ සන්ධාන පක්ෂ එක්ක හරි සම්බන්ධතාවක් තියාගන්න බැරි නිසා එසේ විය හැකි බව ඔහු කියලා.

ඉතිහාසය පුරා ආණ්ඩු බිඳ වැටුණේ හවුල්කාර පක්ෂ සමග නිවැරදි දේශපාලන සම්බන්ධතාවක් පවත්වාගන්න බැරි වුණ නිසා බව ඔහු වැඩිදුරටත් කියා තියෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇඟිල්ල දික් කරන්නේ නැතිව, පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් සැබෑ අර්බුදයට විසඳුම් හොයන්න ඕනෑ කියලා මහාචාර්යවරයා කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලක්ෂ 18ක විතර ඡන්ද ගොඩ නැත්නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණය දින්නත් බැරි බව ඔහු සිහිපත් කරලා තියෙනවා.

ඒ වගේම ආණ්ඩුව නිර්මාණ්‍ය කරනකොට ශ්‍රීලනිපය හැටියට ගිවිසුම් තුනකට ආපු බවත්, ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වූ පොහොට්ටුව මේ දක්වා ඒවා කිසිවක් කළේ නැති බවත් ඔහු චෝදනා කරලා.

ආණ්ඩුව පොරොන්දු වූ ඇමති තනතුරු, නිලතල, ජාතික ලැයිස්තු මන්තීධුර ආදී කිසිවක් නොදුන්න බවත් ඒ හැම එකක්ම පොහොට්ටුව ඒකාධිකරයක් විදියට ගත්ත බවත් ඔහු මතක් කරලා.