හිටපු රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් කියා තිබුණා.
ඒ අනුව ඉදිරි දිනක පැවැත්වීමට නියමිත එම රැස්වීමේදී ගණ්නා තීරණය පක්ෂයේ නායකයා විසින් දැනුම් දෙනු ලැබීමෙන් පසු ලේකම්වරයා ලෙසත් තමන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු වැඩිදුරටත් කියා තිබුණා.
ඇතැම් විට ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අයින් කරන්නට ඉඩ තියෙන බවත් ආරංචි මාර්ග පළ වෙනවා. ඒත්, තවත් ආරංචි අනුව කියැවෙන්නේ සුසිල් ප්‍රේමජයන්ත් මන්ත්‍රීවරයාම පොහොට්ටුවෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යනු ඇති බව.
සුසිල් පොහොට්ටුවෙන් යයි?
