ජනවාරි තුන්වන සතියේ සිට ඉන්ධන හිගයකට මුහුණ දීමේ අවදානමක් තිබෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළාලු.
අවදානමක් ඇති නමුත් එය සිදුවන්නේ ක්ෂණිකව නොවන බවද පවසන අමාත්‍යවරයා ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් සපයා ගත නොහැකි වුවහොත් මෙම තත්ත්වය ඇතිවන බවත් ඔහු කීවාලු.
තමන් මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය කිහිපවිටක්ම දැනුවත් කර ඇති බවද පැවසූ ඔහු වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා විකල්පයන් සපයා ගත හැකි තත්ත්වයක් තිබුණද ඉන්ධන සඳහා එවන් විකල්පයක් නැති බව වැඩිදුරටත් කියා තිබුණා.
යම් හෙයකින් ඉන්ධන සැපයුම නැවතුණහොත් බයිසිකලයක යා හැකි දුර පමණක් ගමන් කිරීමට ජනතාවට සිදු වනු ඇති බවද හෙතෙම පැවසීය.
ඩොලර් නොලැබුණොත්, ජනවාරි තුන්වැනි සතියේ ඉඳන් ඉන්ධන හිඟයක අවදානමක්!
