තමන්ව රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කර ඇති බව තමන්ට ආරංචි වූ බවත් මෙවැනි දේවල් තමන්ට පුරුදු බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා ඇත.
‘මට ආරංචියි මාව රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළා කියලා. මේවා ම ලොකු දේවල් නෙවෙයි. මම ඇමතිවරයෙක්ම වුණේ 2000 දී. පාර්ලිමේන්තුවට ආපු ගමන්. ජනාධිපතිවරු 3 දෙනෙක් යටතේ වැඩ කරලා තියෙනවා. මගේ වෘත්තියක් තියෙනවානේ, උසාවියේ.. හෙට ඉදලා ඒකට යනවා.
එහෙම අයින් කළා කියලා දැනුවත් කරන්නේ නැහැනේ සාමාන්‍යයෙන්. මාධ්‍යයෙන් එහෙම තමයි අපි දැනගන්නේ අපිව අයින් කළා කියලා. හේතු දක්වන්නත් ඕනෑ නැහැනේ. විධායක ජනාධිපතිවරයාට බලතල තියෙනවා ඕනෑ කෙනෙක් පත් කරන්නත්, ඉවත් කරන්නත්.
මම දන්නෙත් නැහැ ඇයි ඉවත් කලේ කියලා. මම පෙරේදා පොළේ ගියාම, මාධ්‍යවේදියෙක් ඇවිත් මගෙන් ඇහුවා භාණ්ඩ මිල ගැන. මිරිස් කිලෝවක් රුපියල් 1100ක්. ඉතිං මම කිව්වා මේ කෘෂිකර්මය ගැන ගත්තු ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම ෆේල්. ඒ බව පේනවා. ජනතාව වෙනුවෙන් තමයි අපි කතා කරන්නේ කියලා.
