බැසිල්ගේ පැකේජයෙන් උද්ධමනය තව වැඩි වේවි – හර්ෂ

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හඳුන්වා දුන් සහන පැකේජය තුළින් උද්ධමනය වැඩි වෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා කියා තියෙනවා.

ලංකාදීපය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව කියලා.

දැනට රට මුහුණ දී ඇති ඩොලර් අර්බුදයට මේකෙන් විසඳුමක් නොලැබෙන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියලා.

තුන්වේල කා ජීවත් වීමට නොහැකි ජනතාවට  තාවකාලික සහනයක් ලැබුණත් මෙම සහන පැකේජය හේතුවෙන් රට තුළ අති උද්ධමනයක් ඇති විය හැකි බව ඔහු පෙන්වා දීලා තිබුණේ, දැනටමත් උද්ධමනය සීයට 12කින් වැඩි වෙලා තියෙන බව පෙන්වමින්. මේ වෙද්දී ආහාර වියදම අතින් උද්ධමනය සීයට 22කින් ඉහළ ගිහිල්ලා තියෙන බවත් ඔහු පෙන්වලා දීලා.