කෘෂි අමාත්‍යාංශයේ මිලියන 75ක් හරවා යවලා

කෘෂිකර්ම අමාත්‍යාංශයේ වාර්ෂික වියදම් සඳහා 2021 අවුරුද්දට ලැබුණ රුපියල් මිලියන 75ක මුදලක් වියදම් නොකර ආපහු භාණ්ඩාගාරයට හරවා යවන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ කියා තිබුණා.

මේ ගැන කියපු කෘෂිකර්ම ඇමතිවරයා අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දීලා තිබුණේ, තමන්ට ප්‍රගති සමාලෝචන රැස්වීම් පවත්වන්නත් විශාල මහන්සියක් දරන්න වුණ බව. ඉස්සරහට අඩුපාඩු මඟහරවාගෙන අලුත් ලේකම්වරයා එක්ක කටයුතු කරන්න කියලාත් ඇමති මහින්දානන්ද උපදෙස් දුන්නාලු.