බොරතෙල් මිලදී ගැනීමේ දුෂ්කරතාව හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව ජනවාරි 03 වන දින සිට ජනවාරි 26 වැනිදා දක්වා තාවකාලිකව වසා දැමීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.
පිරිපහදු කිරීම සඳහා බොරතෙල් නොමැති වීම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව නොවැම්බර් 15 වැනිදා සිට දින කිහිපයක් වසා දමා තිබුණි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පවසා ඇත්තේ සපුගස්කන්ද පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් සිංගප්පූරුවේ සැපයුම්කරුවෙකුගෙන් ණය පහසුකම් මත මෙට්‍රික් ටොන් 90,000ක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවය.
තවද ලබන 23 හෝ 24 දෙදින තුළ එම බොරතෙල් තොගය මෙරටට ලැබීමට නියමිත බවත් ඒ අනුව සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවත විවෘත කිරීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා පවසා ඇත.