කොළඹ පාරිභෝගික මිල දර්ශකය දිහා බලලා ගණං හදන මතුපිට උද්ධමය 2021 දෙසැම්බර් මාසයේදී සීයට 12.1ක් දක්වා ඉහළ ගිහිල්ලා.
ඒ කියන්නේ දෙසැම්බර් මාසයේදී තමයි මෑත ඉතිහාසයේ වැඩිම උද්ධමනයක් වාර්තා වෙන්නේ. මිනිස්සුන්ට එදිනෙකා වියදම් කරමින් ‘ජීවත් වෙන්න’ අමාරුම මාසය දෙසැම්බර්.
මේ ඇවිල්ලා මෑත දවස්වල මිනිස්සු කටින් කියපු අර්බුදය, එදිනෙදා පිට කරපු වේදනාව ගැන දත්ත ටික. රට මෙතැනට වැටිලා තියෙද්දී ජනාධිපතිවරයාට ‘අපහාස කළොත් හිරේ දානවා’ වගේ කතා පොලිස් මාධ්‍ය ප්‍රකාශකලා කියන එක තමයි වේදනාව තවත් අවුස්සන තත්වය.
මේ තත්වය සරල බසින් කීවොත් කොළඹ දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ට මාසෙකට යන ගෙදර වියදම්වල ගණං හිලව් එකතු කරලා, ඒක කලින් අවුරුද්දේ අදාල මාසය එක්ක සංසන්දනය කරලා ගත්තාට පස්සේ සීයට 12.1කින් ඒ මාසයේ වියදම ඉහළ ගිහිල්ලා.
මේ කියන්නේ සම්පූර්ණ වියදම ගැන. කන්න බොන්න යන වියදම හෙවත් ආහාර මිල උද්ධමනය දෙයියනේ කියා සීයට 22.1ක්. ඒ කියන්නේ කෑම වියදම සීයට 22ක් ඉහළ ගිහිල්ලා. මනුස්සයෙක් කෑමට වියදම් කරපු වියදමෙන් පහෙන් එකක් දැන් වැඩිපුර වියදම් කරන්න වෙලා.
උද්ධමනය කියන එක මෑත ඉතිහාසයේ නතර වුණ සංසිද්ධියක් නෙවෙයි. වියදම් කාලයක් තිස්සේ වැඩි වෙනවා. ඒත්, මෑත ඉතිහාසය පුරා ඒ මිල වැඩිවීම් දහයට අඩු මට්ටමක හෙවත් තනි ඉලක්කමක තියා ගත්තා. ඒත් 2021 නොවැම්බර් මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකය ඉලක්කම් දෙකකට ගියා. ඒ කියන්නේ රටේම මිනිස්සුන්ගෙ ජීවන වියදම සමීක්ෂණය කරලා හදපු දර්ශකය.
මේ දිනවල මිල ඉහළ යෑම ‘කොහොමත් මේ කාලෙට සිද්ධවෙන’ මිල ඉහළයෑමක් නොවන බව පැහැදිලි ඇති.
මේ දර්ශකය කුමක්දැයි අවබෝධ කරගැනීමට අවශ්‍ය නම්, පාර්ලිමේන්තුවේදී හිටපු මුදල් ඇමති සරත් අමුණුගම වතාවක් කොළඹ පාරිභෝගික මිල දර්ශකය මොකක්ද කියා මේ විදියට පැහැදිලි කරලා තිබුණා.
‘නිල මිල දර්ශකය වූ කොළඹ පාරිභෝගික මිල දර්ශනය 2002 වර්ෂයේ කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචි ජනතාවගේ ජීවන රටාව හා ආදායම් මට්ටම් නියැදි සමීක්ෂණයක් ඇසුරෙන් ලබා ගත් තොරතුරු පදනම්ව ගණනය කරන ලදි. එහිදී සාමාජිකයන් සංඛ්‍යාවක් වූ සාමාන්‍ය ගෘහ කාණ්ඩයකට මාසයක කාලයක් සඳහා පරිභෝජනයට අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හා සේවා මල්ල මිලදී ගැනීම සැලකිල්ලට ගනු ලැබේ. එකී භාණ්ඩ හා සේවා මල්ල ඊට පසු කාලසීමාව තුළදී වරින් වර මිලදී ගැනීමට වැය වූ මුදල් ප්‍රමාණය සංසන්දනය කිරීම සඳහා නිශ්චිත ක්‍රමවේදයකට අනුව ගණනය කිරීමෙන්- Laspeyres මුලධර්මය යොදා ගනිමින් – කොළඹ පාරිභෝගික මිල දර්ශකය නිර්මාණය කර ඇත. පාරිභෝගික භාණ්ඩ හා සේවාවල මිල මට්ටම වෙනස්වීම මණිනු ලබන මිල දර්ශකාංකය ලෙස දැනට භාවිත කරනුයේ 2002 වර්ෂයේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේනතුව විසින් හඳුන්වා දෙනු ලැබූ සෑම මසකම අවසාන වැඩ කරන දිනයේදී ප්‍රකාශයට පත් කරනු ලබන කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගිනි.’
