මහින්දට සෙත්පතා කාල්ටන් ‘ඉලව්වේ’ පිරිතක්

අලුත් අවුරුද්දේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සෙත් ප්‍රාර්ථනා කරමින් තංගල්ල කාල්ටන් ‘වලව්ව’ හෝ ‘ඉලව්ව’ නමින් හඳුන්වන රාජපක්ෂ පවුලේ මහගෙදර පිරිත් දේශනාවක් පැවැත්වුවාලු.

තංගල්ල වජිරගිරි පුරාණ විහාරස්ථානයේ හිමිවරුන් ඇවිල්ලා හිටියාලු.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ ශිරන්ත රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් මේකට සහභාගී වුණාලු.

මේ වෙද්දී මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් විශ්‍රාම නොයන බව ප්‍රකාශ කර තිබෙනවා. රටේ අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලයේ දෙවැන්නා ලෙස කඩාවැටුණු ආර්ථිකයක් ගොඩගැනීම සඳහා දුව පැන වැඩ කළ යුතු කාර්යක්ෂම භූමිකාවක් 2022 වසරේදී අගමැති ධුරයේ සිටින පුද්ගලයාගෙන් බලාපොරොත්තු වෙනවා.