සංචාරක කර්මාන්තයට අනතුරක්! කුවේට් එයාවේස් ඩොලර් නැති ලංකාවට පස්ස හරවයි

Beirut, LEBANON: A Kuwait Airways airplane lands in Beirut's international airport 07 September 2006, just after Israel lifted its punishing eight-week air blockade amid intense international efforts to underpin a UN-brokered ceasefire. A flight from Paris by national carrier Middle East Airlines was the first plane to land in Beirut, the hour Israel announced it would start to lift restrictions at precisely 6:00 pm (1500 GMT) 07 September. AFP PHOTO/YASSER AL-ZAYYAT (Photo credit should read YASSER AL-ZAYYAT/AFP/Getty Images)

කුවේට් එයාවේස් ගුවන් සමාගම ලංකාවට ගුවන්යානා එවීම නතර කරලාලු. දෙසැම්බර් අවසන් සතියේ බදාදා අන්තිම යානාය ආවාලු. ඊළඟ සතියේ ඉඳන් යානා නතර වෙනවාලු.

ලංකාවේ ඩොලර් අර්බුදය එක්ක කුවේට් එයාවේස් ටිකට්පත් අලෙවියෙන් ලංකාවේදී උපයන මුදල්, තමන්ගේ රටට යැවීමට ඇති අසීරුව මේකට එක හේතුවක්. ඒ අනුව පිරිවැයට වඩා සැලකිය යුතු ලාභයක් ලැබෙන්නේ නැහැලු.

ඒ වෙද්දීත් සතියකට එක යානයක් දක්වා කුවේට් එයාවේස් ගුවන් ගමන් සීමා වෙලාලු තිබුණේ.

කුවේට් එයාවේස් නතර වීම නිසා මැද පෙරදිග ඉඳන් ලංකාවට එන සංචාරකයන් දැඩි අපහසුතාවට පත් වෙලාලු. ඒ වගේම ලංකාවේ සංචාරක කර්මාන්තයටත් මේක බලපාන්නට ඉඩ තියෙනවා.

පසුගිය සතියේ ගුවන් ගමන් සඳහා ටිකට්පත් වෙන් කරන ක්ෂේත්‍රයේ උදවිය දැනුම් දී තිබුණේ මේ ඩොලර් අර්බුදය මාස හතරක් පහක් තිස්සේ ගුවන් ගමන්වලට බලපාමින් තිබුණ බව. එවැනි සමාගම්වල දේශීය කාර්යාලවල මුදල් ඒ ඒ සමාගම්වල මව්රටවලට යැවිය යුත්තේ ඩොලර්වලින්. මාස හතරක් පහක් තිස්සේ බැංකු පද්ධතිය හරහා ඊට අවශ්‍ය ඩොලර් ලැබී නැහැ.

දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ගුවන් සමාගම් වන්නේ එමිරේට්ස්, කටාර් එයාර්වේස්, ෆ්ලයි ඩුබායි, එයාර් ඉන්දියා, ගල්ෆ් එයාර්, රොස්සියා එයාලයින්ස්, සිංගප්පූර් එයාර්ලයින්ස්, ටර්කිෂ් එයාර්ලයින්ස්, සවුදියා, එයාර් අරාබියා, ඕමාන් එයාලයින්ස්, එයාර් ඒසියා, එයාර් ෆ්‍රාන්ස්, ඉතියාඩ් එයාර්වේස්, ජසීරා එයාර්වේස්, ඉන්ඩිගෝ, එරෝෆ්ලොට්, චයිනා ඊස්ටර්න් එයාලයින්ස්, එඩෙල්වේස් එයාර්, අසූර් එයාර්ලයින්ස්, එයාර් අස්ටානා, ලොට් පෝලිෂ් එයාර්ලයින්ස්, නියෝස් එයාර්ලයින්ස් සහ විස්ටාරා එයාර්ලයින්ස් යන සමාගම්.

මේ වෙද්දී ශ්‍රී ලංකාව ඩොලර් අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඉන්දියාව, චීනය, ඇමෙරිකාව හෝ පිටසක්වලින් උදව් ගත්තත් වැඩක් නැහැ. සාමාන්‍යයෙන් එවැනි පාර්ශ්වලින් ලැබෙන ඩොලර් බිලියනයක, දෙකක පහසුකම්වලින් ජීවත්වෙන්න බෑ.

සරල බසින් කීවොත් හැමදාම ණයට කන්න බැහැ. ඒ නිසා සල්ලි උපයන්න ඕනෑ. ලංකාව දැනට ඩොලර් උපයීම සඳහා දැන සිටින ප්‍රධාන ක්‍රම තුන වන්නේ විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ, සංචාරක කර්මාන්තය, ඇඟලුම් ප්‍රමුඛ වූ අපනයන කියන ඒවා. මේ වෙද්දී ශ්‍රී ලංකා මහ බැංකුව විදේශ ශ්‍රමිකයන් උපයන ඩොලර් ප්‍රමාණයට නිසි අගය නොදී කප්පම් ගහන්නට පටන් අරගෙන තියෙන නිසා ඒ සල්ලිත් අඩු වෙලා. මේ විදියට ගුවන් සමාගම් පැමිණීම සීමා වුණොත් සංචාරක කර්මාන්තයේ වර්ධනයටත් බාධා එල්ල වේවි.