මේ වෙනකොට බැංකු පද්ධතියේ රුපියල් බිලියන 455ක් හෙවත් කෝටි 45,500ක හිඟයක් පවතින බවත්, ඒ අනුව ලබන අවුරුද්දේ ශ්‍රී ලංකාව දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණදීමට නියමිත බවත් ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන කියා තියෙනවා.
අපේ රටේ බැංකුවලට විදේශ විනිමය සහ පහසුවෙන් ගන්න රුපියල් නැති බව ඔහු ට්විටර් පණිවිඩයක් තියමින් කියා තියෙනවා.
මහ බැංකු දත්ත අනුව දෙසැම්බර් 24 සිකුරාදා වෙනකොට බැංකු පද්ධතියේ රුපියල් බිලියන 455ක හිඟයක් තිබුණ බව ඔහු කියා තියෙනවා. ඊට කලින් සතියේ ඒ හිඟය බිලියන 422ක්ලු.
මේ විදියට බැංකු අර්බුදයට මුහුණදීමට හේතුව විනිමය අනුපාත සහ පොළී අනුපාත කෘත්‍රිම ලෙස පාලනය කිරීමට ගත් උත්සාහය බව ඩබ්ලිව්.ඒ. විජේවර්ධන කියා තියෙනවා.