මංගලගේ මිල සූත්‍රයට අමරවීර ආවඩයි!

ඉන්ධන මිල පාලනයට හොඳම විසඳුම හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කරපු ඉන්ධන මිල සූත්‍රය බව පරිසර ඇමති මහින්ද අමරවීර කියා තියෙනනවා.

ජාත්‍යන්තර වෙළඳපොළේ තෙල් මිල අඩුවෙද්දී ලංකාවේත් තෙල් මිල අඩු වෙන්න ඕනෑ බව ඔහු වැඩිදුරටත් කියා තියෙනවා.

ජනතාව අද ජීවත් වෙන්නේ අමාරුවෙන්. වෙනදා ගත්ත බඩු මල්ල මිලදී ගැනීමට අද දෙගුණයක මිලක් වැය වෙනවා. මේක කණගාටුදායක තත්වයක්. මේ පිළිබඳව ජනාධිපතතිවරයා එක්ක කැබිනට් මන්ඩලයේත් අවධානය යොමු කර ඇතත් කළ හැකි දෙයක් නැහැ. අනාගතයේදී අපට අවශය දේවල් අපිම නිෂ්පාදනය කරගැනීමට සිදු වෙනවා. වැනි කරුණු කිහිපයක් ඇමතිවරයා කියා තිබුණා.

ඔහු කියා තිබුණු එක් වැදගත් කාරණයක් තමයි කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කළත් විසඳුමක් නොමැති බව. ඒක අපි හැමෝම දන්න දෙයක්.

හැබැයි සියල්ල හොඳින් කළමණාකරණය වෙනවා කියලා රට ඇන්දීමේ අසාර්ථක උත්සාහයක යෙදෙන ජොන්ස්ටන් ප්‍රනාන්දුලාට සාපේක්ෂව මේ ප්‍රකාශවලින් ඇත්ත තත්වය රටට හෙළිවෙන බව කියන්න ඕනෑ.