ශ්‍රී ලංකාව ඉල්ලා සිටින්නේ නම් ලංකාවේ මූල්‍ය අර්බුදය විසඳාගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා දිය හැකකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලංකාව සඳහා වූ දූත මණ්ඩල ප්‍රධානී මසහිරෝ නොසාකි කියා තියෙනවා.
ඔහු වැඩිදුරටත් කියා තිබුණේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් සහයෝගයක් ඉල්ලා නැති බව.
මසහිරෝ නොසාකි දෙසැම්බර් 07 වැනිදා ඉඳන් 20 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අයිඑම්එෆ් නියෝජිත කණ්ඩායමක නායකයා. මේ නියෝජිත කණ්ඩායම පැමිණෙන ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ගිවිසුම්ගත වූ රටවල්වලට එම සංවිධානයේ නියෝජිත කණ්ඩායම් වර්ෂාවසානයේ පැමිණ, සිදුකරන ‘හතරවැනි වගන්තියට අදාල විමර්ශනයට’. එසේ හඳුන්වන්නේ අයිඑම්එෆ් ගිවිසුමේ හතරවැනි වගන්තියේ ‘වාර්ෂිකව හෝ කලින් කලට’ ඒ ඒ රටවල ආර්ථික තත්වය ගැන විමර්ශන කළ යුතු බව සඳහන් නිසා.