මමත් IMF ගියා! සමහර කොන්දේසිවලට බෑ කීවාම ඔවුන් පිළිගත්තා – හිටපු ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක තමන් වැඩ කරපු බවත්, තමන්ට දාපු සමහර කොන්දේසි පිළිගන්න බැරි බව දැනුම් දුන් පසු ඒ සංවිධානය ඒ අදහස් පිළිගත් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා තියෙනවා.

ඒ මේ විදියට, ‘මගේ අවුරුදු පහෙන් වැඩිම කාලයක් මම කටයුතු කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්කයි. මට ඒ අය බරපතළ කොන්දේසි දැම්මේ නැහැ. දාපු සමහර කොන්දේසි කොහෙත්ම කරන්න බැහැ කියලා මම ඒ අයට දැනුම් දුන්නා. ඔවුන් ඒක පිළිගත්තා.’