ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර දෙසැම්බර් 27 වැනිදා ඉල්ලා අස්වීමේ ලිපිය බාරදෙන බවත්, ඒකට හිලව් විදියට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් ජනාධිපති ලේකම් ධුරයට පත් වීමට නියමිත බවත් අරුණ පත්තරය වාර්තා කරලා.
ගාමිණී සෙනරත් කියන්නේ මීට කලින් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාව සිටි නිලධාරියා. එකල සැකසහිත ගනුදෙනු ගණනාවකට ඔහු සම්බන්ධ බවට චෝදනා වුණා. ප්‍රධාන වශයෙන් හයට් හෝටල් ව්‍යාපෘතිවලට ඔහු සම්බන්ධ වී සිටියා. මීට අමතරව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ප්‍රතිරක්ෂණ පිළිබඳ කූඨ ගනුදෙනුවලට සම්බන්ධ බවට ගාමිණී සෙනරත් චෝදනා ලැබුවා.
(පුවතේ තියෙන ඡායාරූපය එහි සඳහන් පත්වීම ලබාගන්න අවස්ථාව නෙවෙයි. මේක 2020 දී ගත්ත එකක්.)