තලවතුගොඩ පිහිටි තරු පහේ හෝටලයට රාත්‍රි ආහාර ගැනීම සදහා ගොස් ඇති රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂට එම හෝටලයේ සිටි පිරිසක් ‘හූ’ තැබිමත් සමඟම අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටවී ඇති බව වාර්තා වේ.
දෙසැම්බර් 23 වන දින රාත්‍රි 9.00 පමණ මෙය සිදු වී ඇත.
පසුගිය දිනකදී පැවැති LPL අවසාන ක්‍රිකට් තරඟාවලියේදී ක්‍රීඩා පිටියේ රැදී සිටි ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ හටද එහි රැදී සිටි තරුණ පිරිස් ‘හු’ තබමින්, බඩු මිල වැඩි වීම සහ රාජපක්ෂ පවුලට විරෝධය දැක්වූ අතර විරෝධය නිසා නාමල් රාජපක්ෂ මහතා ක්‍රිඩා පිටියෙන් ඉවත් වී ගොස් තිබුණි.