පඩි වැඩි කරන ලෙස ඉල්ලමින් කරන උද්ඝෝෂණ රජය අනිවාර්යෙන්ම මර්ධනය කළ යුතු බවත් ලෝකයම අර්බුදයකට පත්ව තිබෙන මේ අවස්ථාව පඩි අඩු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක පවසා ඇත.
ඔහු මේ බව පවසා ඇත්තේ බත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී දෙසැම්බර් 24 දින පැවැති මාධ්‍ය හමුවකදීය.
පඩි වැඩිකිරීම වැනි නීතිවිරෝධී ඉල්ලීම්වලට ඉදිරියට ඒමට ඉඩ නොතැබිය යුතු බවත් කිසිවක් නොතකා එවැනි ඉල්ලීම් ඉදිරියට එනවා නම් වාහාම නැවැත්වීම ඉතාම යෝග්‍යය බවත් ඔහු පවසා ඇත.
බි්‍රතාන්‍ය සහ ඇමරිකාව සේවකයන් මාරුවෙන් මාරුවට කැඳවීම් කරමින් සේවයට වාර්තා නොකරන සේවකයන්ට වැටුපෙන් සියයට 40 ක් පමණක් ගෙවුවද ශ්‍රී ලංකාවේ කවදාවත් වැටුප් අඩු නොකළ බවත් බි්‍රතාන්‍ය සහ ඇමරිකාව වැටුප් කප්පාදු කළ ද සේවකයන් උද්ඝෝෂණය නොකළ බවත් ඒ මහතා පවසා ඇත.
සමස්ත ලෝකයේම භාණ්ඩ මිල සහ ජීවයන වියදම ඉහළ යෑම පිළිබඳ ප්‍රශ්නය ලබන වසරේදීත් ඉතාම නරක ආකාරයට බලපාන බව තේරුම් ගෙන ප්‍රශ්නයට සාමූහිකව මුහුණ දියයුතු බවත් ඩොලර් අර්බුදයට 2002 වසරේ මැතිණිය ද, 2009 වසරේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ද මුහුණ දීම නිසා එයට භිය නොවිය යුතු බවත් ඔහු පවසා ඇත.
ජාත්‍යන්තර බැංකු ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව පහළට දැමීම ජාත්‍යන්තර මැදිහත්වීම්වල ප්‍රතිඵලයක් වියහැකි බවත් වර්තමානයේ විදේශ ආයෝජන අත්‍යවශ්‍ය වීම නිසා ‘අදානි’ වැනි ව්‍යාපාර වරායේ බටහිර පර්යන්ථය බාරගැනීම වඩාත් හොඳ බවත් කාබනික පොහොර ව්‍යාපෘතියට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සහ කෘෂි විශේෂඥායන්ගෙන් ලැබුණු සහාය පිළිබඳව විශාල ගැටලු ඇති බවත් එම ව්‍යාපෘතිය පිළිබඳ එළඹි තීරණ, ක්‍රියාමාර්ග, හැසිරුණු ආකාරය සහ වාදවිවාදවල විකෘතියක් තිබූ බවත් ඔහු පවසා තිබුණි.