ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මානසික තත්වය ගැන ටිකක් කතා කරන්න ඕනෑ. නිවාඩු දවසේ ආයතනයකට කඩාවැදිලා අද කට්ටිය වැඩට නාවේ ඇයි, කාර්යාල වහලා ඇයි කියලා ජෝගි නටපු සිද්ධිය ඒ මානසික තත්වය තේරුම් ගන්න සාධකයක් වේවි.
අනෙක් පැත්තෙන් මුළු රටක් තුන් බියට මුහුණදීලා ඉන්න වෙලාවක එක අහවල් නගරයේ, අහවල් වැවේ, අහවල් ඒරියා එකේ ගඳ නසන්න කියලා පැළ හිටවන්න යෑමත් මානසික තත්වය තේරුම් ගන්න උදව්වක් වේවි.
ඉතින් ජනාධිපතිවරයාගේ මානසික තත්වය ඇත්තටම චෙක් වෙන වැඩ ටිකක් ගැන අපි මේකෙදී කියනවා.
තුන් බිය මෙහෙමයි. කොවිඩ් වසංගතයේ රෝග බිය දැන් තියෙනවා. කෘෂි-ආර්ථික විශේෂඥයෙක්ද වන රටේ කෘෂි ඩේටා සියල්ල දෑහින් දැකපු අමාත්‍යාංශ ලේකම්වරයෙක් පැහැදිලිව පෙන්වාදුන් සාගත බිය තියෙනවා.
මේ පාලකයන් කියන අමනුෂ්‍යයන් ගැන බියත් තියෙනවානේ. රට පාලනය කරන රාජපක්ෂ පවුල, අත්අඩංගුවේ ඉන්න අයට වෙඩි තියා මරන පොලීසිය, උද්ඝෝෂණයක් කළොත් උස්සං යන ඇමතිලා, මේ සියල්ල මැද ලාභ හොයන මාධ්‍ය ආයතන අයිතිකාරයන්ද වන ඖෂධ වෙළෙන්දන්, තමන්ට පාඩු නැතිව බිස්නස් කරන හැටි හොයන ධනපතියන් සහ රටේ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිකම ගත්ත මිනීමරු කල්ලියේ නායකයා ඇතුළු අමනුෂ්‍ය බලවේග ගොඩක් සැරිසරනවානේ.
ඇත්තටම දැන් පාලනය කරන සමහර අයගේ වැඩ දැක්කාම මේ අය මනුස්සයෝද කියන ප්‍රශ්නය එනවානේ.
මේ වෙද්දී ශ්‍රී ලංකාව ඉන්නේ අයිඑම්එෆ් යනවාද? නැද්ද? මහා ආර්ථික අර්බුදයක් විසඳාගන්නේ කොහොමද කියන ප්‍රශ්න එක්ක. මේ අර්බුදයට එක් පැත්තකින් හේතු සාධක වුණේ දැවැන්ත වසංගතයක්. ඒ එක්කම අපේ රටේ ආර්ථිකයේ තිබුණු සියලු අඩුපාඩු එක්ස්පෝස් වුණා.
හැබැයි අයිඑම්එෆ් යනවාද, නැද්ද කියන ප්‍රශ්නයම ජෝක් එකක්. මේ වෙද්දී අයිඑම්එෆ් නොයන එකට වාමාංශික පැත්තෙන් කතා කරන අය ඉන්නවා. ඒ අය කියන්නේ අයිඑම්එෆ් එකෙන් රාජ්‍ය වියදම් කපන්න කියනවා. එතකොට කැපෙන්නේ සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ දීමනා ආදිය. එතැනින් එහාට රජයේ සමහර සේවා සපයන ආයතන පාඩුයි කියලා පෞද්ගලිකකරණය කරන්න කියනවා. මහ බැංකුව දැඩි නිරීක්ෂණයට ලක් කරනවා වගේ දේවල්.
ඒත් ඇත්ටම අයිඑම්එෆ් එක එහෙම කලින් හදාගත් නිශ්චිත රාමුවක් නැහැ. එයාලා අපේ රටේ තත්වය බලලා අපට යෝජනා කරනවා යම් වැඩපිළිවෙලක්. ඒ ඒ රටවල තත්වය අනුව තමයි වැඩපිළිවෙල යෝජනා කරන්නේ. ඒ වැඩපිළිවෙල නව ලිබරල්, සුභසාධනවාදී නොවන ප්‍රතිපත්ති අනුව හදන බව ඇත්ත. ඒත්, එයාලාගේ වැඩපිළිවෙලටත් අනුගත වෙමින්, රටේ මිනිසුන්ට සපයන සේවාවන් ටිකත් කළමණාකරණය කරන වැඩපිළිවෙලකට යන්න නිර්මාණශීලී ආණ්ඩුවකට පුළුවන්.
ආණ්ඩුවක් වාමාංශික හෝ ලිබරල් වෙන්නේ ඔය අයිඑම්එෆ් යනවාද නැද්ද වගේ තැන්වලින් නෙවෙයි. ප්‍රායෝගිකව මිනිස්සුන්ට සලකන විදියෙන්.
අයිඑම්එෆ් සාමාන්‍ය ජනතාවට පීඩා අත්වෙන අන්දමේ ආර්ථික ප්‍රතිසංස්කරණ යෝජනා කරනවා කියන්නට වාමාංශික ලයින් එකේ යම් පදනමක් තියෙනවා. අර්බුදයෙන් ගොඩ එන්න එයාලා යෝජනා කරන මාවත සුභසාධනවාදී ආණ්ඩුවකින් ඈත් කෙරෙන ඒවා.
ඒත්, ඇත්තටම මේක සුභසාධනවාදී ආණ්ඩුවක්ද? මේ ඉරිදා අනිද්දා පත්තරයට ඒකේ නියෝජ්‍ය කතෘ, ගවේෂණාත්මක මාධ්‍යවේදී සහ අපේ ගුරුවරයා වන ලසන්ත රුහුණගේ ලියා තිබුණා මේ වෙද්දී ඉන්ධන වර්ගවලින් ගහන බදු ප්‍රමාණය. මේ වෙද්දී ආර්ථික වශයෙන් රට අසීරු තත්වයට පත් වෙද්දී ආණ්ඩුව කෙළින්නේ මොනවාටද? සීමා කරන්නේ මොනවාද? ගොඩක් සල්ලි තියෙන මිනිස්සුන්ට බදු ගහනවාද? අනවශ්‍ය සේවාවන් කප්පාදු කරනවාද?
මේ ආණ්ඩුව කිසිසේත්ම වාමාංශික, ජනතාවාදී ආණ්ඩුවක් නෙවෙයි. අයිඑම්එෆ් යද්දී නාවන්න ගෙනියන බල්ලා වගේ කබ්රාල් මහත්තයා දඟලන්නේ මහ බැංකුව ඇතුළේ ඔහුගේ දේශපාලන සෙල්ලම් දාන්න බැරි වෙන නිසා. ඒ වගේම ආණ්ඩුවේ සමහර අය
වාමාංශික පදනමකින් අයිඑම්එෆ් යනවාට විරුද්ධ වෙන එකම කෙනා වාසුදේව නානායක්කාර ඇමතිවරයා විතරයි.
මේ වෙද්දී උදය ගම්මන්පිළ ඇමතිවරයා පවා නිශ්චිතව අයිඑම්එෆ් යෑම පැත්තට බරයි. මොකද, ලංකාවේ එදිනෙදා ඉන්ධන ටික සැපයීම ගැන පවා ඔහු ඉන්නේ දෙගිඩියාවෙන්.
‘අපි පහුගිය සතියේ ඩොලර් ප්‍රශ්නය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම ගැන කතා කළා. වාසුදේව ඇමතිතුමා නම් විරුද්ධ වුණා. අනෙක් ඇමතිවරු කැමතියි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවාට.’ ගම්මන්පිළ ඇමතිවරයා කියාත ිබුණා.
‘ඔබතුමා කීවාට මහ බැංකු අධිපතිතුමා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ඔය වැඩේට කැමති නැහැ.’ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කියා තිබුණා.
ඒත් ඇත්තටම ජනාධිපතිවරයාට මේ වෙලාව වෙද්දී අදහසක්, තක්සේරුවක් තියෙන්න එපායැ. දැන් ජවිපෙ වගේ පාර්ශ්ව පවා අයිඑම්එෆ් යෑම හෝ නොයෑම ගැන නිශ්චිත මතයක් කියන්නේ නැහැ. අපි ඇහුවාම ඒ පැත්තේ අය පවා කීවේ මේ වෙලාවේ රට අන්තිමට හිර වෙලා තියෙන්නේ. අයිඑම්එෆ් යනවාද, නැද්ද කියන එක ගැන වාමාංශික හෝ ලිබරල් ප්‍රතිපත්ති දැන් වැඩක් නෑ. දැන් ආණ්ඩුවක් හිතන්න ඕනෑ අයිඑම්එෆ් එකෙන් ලැබෙන ණය සහනය, ආයෝජකයන් අයිඑම්එෆ් ගියාම ලංකාව ගැන දක්වන ආකල්පය, ණය කළමණාකරණයට තියෙන චාන්ස් එක ආදී කාරණා සලකා බලන්න ඕනෑ. අයිඑම්එෆ් යෑමෙන් රාජ්‍යයකට ලැබෙන වාසි ටික බලලා, අවාසි ටිකත් බලලා නොගියොත් ලැබෙන වාසි, අවාසි සලකලා තීන්දුවකට යන්නයි ඕනෑ.
ඒක දන්නේ ආර්ථිකයේ තත්වය, ඉදිරියේදී එන තත්වයන් සියල්ල සලකා බලා තියුණු දැනුමකින් ප්‍රවේශයක් ගන්න නායකයෙක්.
ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඒක දන්නේ නෑ.
මේ ගැන කැබිනට් මණ්ඩල රැස්වීම ඉවර වුණාට පස්සේ බන්දුල ගුණවර්ධන සහ චමල් රාජපක්ෂ ඇමතිවරුන් දෙන්නා වෙනම ජනාධිපතිවරයා මුණගැහිලා කතා කළාලු. අයිඑම්එෆ් යන්න ඕනෑ බව. ඒත් ජනාධිපති කීවාලු ඔය ගැන මහ බැංකු අධිපතිවරයා මාධ්‍ය සාකච්ඡාවක් තියලා කතා කරනවා කියලා. ඒත්, එහෙම සාකච්ඡාවක් තිබුණේ නැහැලු.
සිංගප්පූරු ගිහින් ලංකාවට ආපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊට පස්සේ කෙළින්ම දියතලාවේ ගිහින් තිබුණා. ඒ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා එක්ක. ඒ කලින් සති අන්තයේ. දියතලාවේ ආමි කැඩෙට් නිලධාරීන් කිහිපදෙනෙක් විසිරයෑමේ උත්සවය ඉවරවෙලා ඒ පැත්තේ ඇවිද්දාලු.
බණ්ඩාරවෙල, දියතලාව ඉතින් අපේ ගම් පළාතනේ.
මේ රයිගමයයි ගම්පොළයයි අපේ ගම්පළාතට ගිහින් මොනවා කළාද කියලා අපි චුට්ටක් බැලුවා. බණ්ඩාරවෙල ටවුම බැලුවාලු. ඊට පස්සේ බිඳුණුවැව ගොවිපොළ බලන්න එකපාර ගියාලු. ගොවිපොළේ ගේට්ටු අරින්නවත් කවුරුවත් හිටියේ නැහැලු. ඔෆිස් වහලා දාලාලු තිබුණේ.
ඉතින් ටවුම බලන අස්සේත් නාගරික සංවර්ධන අධිකාරියේ ලොක්කන්ට කෝල් කරලා ජනාධිපතිතුමා බැන්නාලු. බණ්ඩාරවෙල නගරාධිපතිත් ගෙන්වාගෙන බැනලා, කාණු සුද්ධ කරලා නැත්තේ ඇයි අරවා මේවා ඇහුවාලු. කැඩිච්ච පාරවල් හෙම හදන්න කීවාලු.
‘ඕගොල්ලෝ ගැන විශ්වාස තියලා තමයි සියක් නගර වැඩසටහනට බණ්ඩාරවෙල ඇතුළත් කළේ. මොකක්ද මේ කරලා තියෙන්නේ. වතුර පාරවල් ගලාගෙන යනවා. කාණු පද්ධතිය හරියට හදලා නැහැ. කිසි පිළිවෙලක් නැහැ.’ කියලා ජනාධිපතිවරයා කීවාලු.
බිඳුණුවැවත් නිලධාරීන්ට කෝල් කරලා එතැන කෘෂි පර්යේෂණ කොරන්ඩ කියලා තග දැම්මාලු. ඒත් ලස්සන කේස් එක ඒක නෙවෙයි. මේකේ ඔෆිස් වහලා දාලා කියලා ගෝඨා බණින අස්සේ කෙනෙක් මතක් කළාලු, ස’ අද නිවාඩු. කවුරුත් වැඩට එන්නේ නෑ කියලා. එක පැත්තකින් මේගොල්ලන් ගිහින් තිබුණේ සති අන්තයේ. අනෙක් පැත්තෙන් 18 පෝය.
ඔය ඇවිදින අස්සේ තමයි අර තක්කාලි පාත්තියක් ළඟ හිටගෙන ඉන්න ජනාධිපතිගේ ෆොටෝ එකට මීම් එකක් හැදිලා තිබුණේ. කවුද යකෝ බට වගාව අස්සේ තක්කාලි හිටෙව්ව එකා කියලා ඩයලොග් එකක්.
ඇත්තටම ජනාධිපතිවරයාගේ ‘ස්ටේට් ඔෆ් මයින්ඩ්’ එක අපූරුවට සංකේතවත් වුණ ඡායාරූපයක් ඒක.
ඊට අමතරව ජනාධිපතිතුමා 21 වැනිදා කරපු තව හපන්කමක් තමයි අර බේරෙ වැවට මොනාදෝ ගස් ජාතියක් දාපු එක.
මේ දෙකෙන්ම අපි තේරුම් ගත්ත දෙයක් තමයි ජනාධිපතිවරයා මේ වෙද්දී ගිනි අරන්, මහා ආර්ථික සහ දේශපාලනික අර්බුදයක ගිලෙමින් ඉන්නකොට පෙන්වන්නට උත්සාහ කරන්නේ අර ටවුන් ක්ලීන් කරවන, නගර අලංකාර කරවන ‘ගෝඨා හාමු’ ලයින් එක ආයේ දාලා මිනිස්සු අල්ලන්න උත්සාහ කරන බව.
අනෙක් පැත්තෙන් දැන් ජනාධිපතිවරයාට ඕනෑ කාටහරි බණින්න. දෝෂාරෝපණය කරන්න. ඒත්, ඇත්තටම රටෙන්ම බැණුම් අහන්නේ, බැණුම් අහන්න ඕනෑ ඔහු.
අරක කරපල්ලා! මේක කරපල්ලා! අහවල් එක නොකළේ ඇයි! මං එද්දී කරලා තියන්න ඕනෑ! අහවල් දවස වෙද්දී කරලා තියන්න ඕනෑ! ආදී විදියට මිනිස්සුන්ට බණින එක තමයි ඔහුගේ ඇබ්බැහිය.