ඩොලර් නොමැතිවීම හේතුවෙන් වරායේ හිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර 1500ක පමණ ප්‍රමාණය නිදහස් කර ගැනීම සඳහා මේ මොහොතේ ඩොලර් නිකුත් කළ නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව වෙළඳ අමාත්‍යාංශයට දැනුම් දී ඇති බව ලංකාදීප වාර්තා කර ඇත.
එම කන්ටේනර් නිදහස් කරගැනීම සඳහා අවශ්‍ය ඩොලර් කෝටි දෙකහමාරක පමණ ප්‍රමාණය ලබන මස මැද දී පමණ ලබා දිය හැකි බව ද මහ බැංකුව වෙළද අමාත්‍යාංශයට දැනුම් දී ඇත.
වරායේ හිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 1200 ක පමණ ප්‍රමාණය නිදහස් කර ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි දෙකහමාරක පමණ මුදලක් ආනයන කරුවන්ට බැංකු හරහා නිකුත් කරන්නැයි වෙලද මාත්‍යාංශය මහ බැංකුවෙන් මීට සති දෙකකට ඉහතදී ලිඛිත ඉල්ලීමක් කර ඇත.
වෙළද අමාත්‍යංශය එම ඉල්ලීම කළේ එම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයන කරුවන් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා හමුවී කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි . එම ඩොලර් ප්‍රමාණය නිදහස් කිරීමට මහ බැංකුව මුලදී එකඟතාව පළ කර තිබූ නමුත් ඒවා පසුගිය සතිය වන විටත් නිදහස් නොකිරීම සම්බන්ධයෙන් විමසීමට ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මහ බැංකුවට ඉකුත් බ්‍රහස්පතින්දා ගොස් එහි අධිපති වරයාද හමුවි සාකච්ඡා කර ඇති අතර ,එම ඩොලර් ප්‍රමාණය මේ මොහොතේ නිදහස් කිරීම අපහසු බව මහ බැංකු නිලධාරීන් දැනුම් දී ඇති බව වාර්තා වේ සදහන් කර ඇත.
ලබන මාසයේ ගෙවීමට ඇති ඇමරිකානු ඩොලර් කෝටි 50 ක විදේශ ණය වාරික ගෙවීමට මහ බැංකුව ප්‍රමුඛතාව දී කටයුතු කරන බැවින් ,කන්ටේනර නිදහස් කිරීමට මේ මොහොතේ ඩොලර් නිදහස් නොකරන බවත් වාර්තාවේ සදහන් වේ.