දැන් පවතින ඩොලර් අර්බුදය විසඳාගැනීමට අසීරු නිසා ලබන අවුරුද්දේ ජනතාවට විදුලිය සැපයීම් සීමා කරමින්, කාලසටහනකට අනුව විදුලි කප්පාදු කිරීමේ ඉඩක් තියෙන බව සන්ඩේ ටයිම්ස් වාර්තා කරලා.
විදුලි නිෂ්පාදනය සඳහා අවශ්‍යවෙන දැවි තෙල් ආනයනයට වියදම් වෙන ඩොලර් ලංකා විදුලිබල මණ්ඩලයට තනියෙන් හොයාගන්න කියා මේ වෙද්දී ලංකා ඛනිජතෙල් සංස්ථාව දැනුම් දීලා තියෙනවාලු. මීට කලින් දැවිතෙල් නිෂ්පාදනය කලේ සපුගස්කන්ද පිරිපහදුව ආදී ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයිති තැන්වල. කෙසේ වෙතත් දැන් ලංකා ඛනිජතෙල් සංස්ථාව ඔවුන්ගේ ඩොලර් අර්බුදයකට මුහුණදෙමින් ඉන්නවා.
දැවිතෙල් ප්‍රමාණවත් නොවන නිසා විදුලිය නිෂ්පාදනය කිරීමේ අර්බුදයක් එන්න ඉඩ තියෙනවාලු.
මේ වෙද්දී රටපුරා විදුලිය විසන්ධිවීමේ සිදුවීම්, නොරච්චෝලේ බලාගාරයේ දෝෂ ආදී සිදුවීම්වලටත් විදුලිබල මණ්ඩලය මුහුණ දුන්නා. පසුගිය සිකුරාදා වෙද්දී නොරච්චෝලේ යුනිට් දෙකක් ක්‍රියාත්මක වුණේත් නැහැලු. නොරච්චෝලේ ප්‍රශ්නය ජනවාරි මැද වෙනතුරු නොවිසඳෙනු ඇති බවත්, මෙම දෝෂය මීට පෙර ඇති නොවූ බරපතල එකක් බවත් විදුලිබල මණ්ඩලයේ ආරංචිමාර්ග සඳහන් කර තිබෙනවා. ඒ අනුව චීන මැදිහත්වීම පවා ඒ දෝෂය නිරාකරණය සඳහා අත්‍යවශ්‍ය වේවිලු.
මේ ගැන සන්ඩේ ටයිම්ස් වෙත අදහස් දක්වමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල කියා තිබුණේ විදුලිබල මණ්ඩලය විදේශ මුදල් සැපයුවොත්, ඔවුන්ට අවශ්‍ය දැවිතෙල් ප්‍රවාහනය කිරීම සහ ගබඩා කිරීම ආදිය ඛනිජතෙල් සංස්ථාවට කරන්න පුළුවන් බව. ඒත්, විදුලිබල මණ්ඩලටයත් එක්ක ඩොලර් හොයන්න බැරි බව.