ගායන ශීල්පී යොහානි දිලේකා ද සිල්වා.ට කැබිනට් මණ්ඩල තීරණයක් වශයෙන් රජයෙන් ලබා දුන් බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි ඉඩමේ වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි 4ක් බව අනිද්දා පුවත්පත වාර්තා කර ඇත.
කැබිනට් මණ්ඩල යෝජනාවක් අනුව යොහානි මෙනවියට පර්චස් 9.68 පමණ ඉඩම්ක් ලබා දීමට අනුමැතිය හිමි වී ඇති අතර එම ඉඩමෙහි පර්චසයක මිල රුපියල් ලක්ෂ 40 දක්වා. ඉක්මවා ඇත.
අදාල ඉඩම පිහිටා ඇත්තේ 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ ක්‍රීඩකයන්ට රජය ලබා දුන් ඉඩම් කොටස්වලට යාබදවය. අදාල ඉඩම් කැබැලි 99 අවුරුදු බදු පදනම යටතේ අදාල ක්‍රීඩකයන්ට ලබා දී තිබුණි.
දෙසැම්බර් 20 වැනි දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළමෙම යෝජනාවට අනුමැතිය හිමි වී තිබුණි.