භුමිතෙල් ලිපක්! රුපියල් 4000 ත් 12,500 අතර අලෙවි වේ

වෙළඳපොලේ ගෑස් හිඟ වීමෙන් සහ ගෑස් උඳුන් පාවිච්චි කිරිමට බියෙන් සිටින පාරිභෝගිකයන් මේ වන විට භූමිතෙල් උඳුන් මිලදී ගනිමින් සිටියි.

මේ වන විට වෙළඳපොලෙහි විකිණිමට ඇති භූමිතෙල් ලිප්වල මිල ගණන් ඉහළ අගයක් ගෙන ඇත. පසුගිය කාලයේදී රුපියල් 500 ත් 1500 ත් අතර විකිණිමට තිබුණු භුමිතෙල් උඳුන් මේ වන විට රුපියල් 4000 ත් 12,500 අතර මිලට ඉහළ ගොස් ඇත.