‘බඩ නෙවෙයි, රට ගැන හිතන්න!’ මිනිස්සු ඇන්දූ පරණ බණ සීබී යළි කියයි! ඉන්ධන මිල ගැන පචේකුත් කෙළලා

බඩ ගැන විතරක් නෙවෙයි, රට ගැනත්හිතලා ජනතාව කටයුතු කරන්න ඕනෑ කියලා වනජීවී සහ වන සංරක්ෂණ ඇමති සීබී රත්නායක කියලා.

ඒ දෙසැම්බර් 24 වැනිදා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තිබුණ ඉඩම් ඔප්පු දෙන වැඩසටහනකට එකතු වෙලා එළියට බහිද්දී මාධ්‍යවලට අදහස් දක්වමින්.

එහිදී සීබී රත්නායක කියා තියෙනනෙ ඉන්ධන මිල වැඩි කළේ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල වැඩි කිරීමයි, නැව් ගාස්තු වැඩි වීමයි නිසා කියලා.

ඒක පට්ටපල් බොරුවක්. දැන් පෙට්‍රල් ලීටරයකින් සීයට 48ක් හෙවත් රුපියල් 86ක් පමණ ආණ්ඩුවෙන් ගහපු බදු බව පහුගිය ඉරිදා අනිද්දා පත්තරයේ ප්‍රධාන පුවත ලියමින් මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ හෙළිදරව් කරලා තියෙනවා.