ආහාර හිඟය බන්දුල පිළිගනී! වගා සංග්‍රාමයක් කරන්නත් සැලසුම්

ලංකාවේ ආහාර හිඟයක් ඇති වීමට ඉඩ තිබෙන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන වක්‍රව පිළිඅරන්. ඒ එයට පිළියමකුත් යෝජනා කරමින්.

ජනවාරි මාසයේ ඉඳන් තම තමන්ගේ ගෙවල්වල මොනවාහරි වගා කරගන අපි යෝජනා කරලා තියෙනවා කඩිනම් වගා සංග්‍රාමයක්, ලෝක යුද්ධෙ කාලෙත් ලොකු ආහාර හිඟයක් ආවා වැනි කරුණු ඉදිරිපත් කරමින් තමයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන ආහාර හිඟයක් ඇති වීමට ඇති ඉඩකඩ ගැන තහවුරු කරලා තියෙන්නේ.

‘අපි සෑම නිවසකම වගේ මිරිස් පැල කිහිපයක්, බටු පැලයක්, නිවිති වැලක්. මේ වගේ කෙටි කලකින් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. අපි යෝජනා කරලා තියෙනවා කඩිනම් වගා සංග්‍රාමය වැඩ පිළිවෙලක් ආරම්භ කරන්න කියලා. ජනවාරි මාසයේ සිට තම තමන්ගේ ගෙවත්තේ මොනවාහරි වගා කරන්න. මොකද දෙවන ලෝක යුද්ධ කාලෙත් ඉතා විශාල ආහාර හිඟයක් ඇති වුණා.’ යනුවෙන් බන්දුල ඇමතිවරයා කියා තිබුණා.

මීට කලින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්ව සිටි උදිත් කේ. ජයසිංහ ආහාර අර්බුදයක් ගැන ජනතාව සූදානම් කරවීම සඳහා ඒ ගැන ප්‍රකාශයක් කළාට පස්සේ, ඔහුව තනතුරෙන් එළවන්නට ආණ්ඩුවේ නායකයන් කටයුතු කරනවා.

එහෙම කරපු ආණ්ඩුව දැන් වගා සංග්‍රාම කරලා ආහාර අර්බුදයට පැලැස්තර විසඳුම් හොයන්න උත්සාහ කරනවා.