දැන් පවතින තත්වය අනුව ආහාර හිඟයක් ඇති වීම අනිවාර්යයිලු. එහෙම නැතිවුණොත් ඒක ප්‍රාතිහාර්යයක්ලු. මෙහෙම කියා තිබෙන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ.
වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම සහ වැවිලි කළමණාකරණ පීඨයේ කටයුතු කළ, කෘෂි-ආර්ථික විද්‍යා විෂය ගැන දැනුමක් ඇති මහාචාර්යවරයෙකු වන ඔහු මීට කලින් වියත්මග සංවිධානයේ සාමාජිකයෙක් ලෙසත් කටයුතු කළා. ඒ අනුව ඔහු වත්මන් ජනාධිපතිවරයා බලයට ගෙන එන්නට සහයෝගය දුන් කෙනෙක්. ඉවත් වීමෙන් පස්සේත් ඔහු ආණ්ඩුවට විවේචන එල්ල කරන්නේ ආරක්ෂක පාදයේ ඉඳගෙන බවත් සිහි තබා ගන්න ඕනෑ. උදාහරණයක් විදියට ඔහු කියන්නේ කෘෂි ඇමති මහින්දානන්ද අවංකයි කියලා. ජනාධිපතිවරයා එක්කත් තරහක් නැහැ කියලා.
මේකට හේතුව කොවිඩ්-19 වසංගතය නෙවෙයි. ඒ වෙනුවට කේවට්ට උපදේශකයන් සහ ඒ උපදේශ ක්‍රියාත්මක කිරීම නිසා ඇති වූ ගැටලුවක්ලු මේක.
ආහාර හිඟයක් ඇති වෙන බව තමන් කීම තුළින් රාජ්‍ය ප්‍රතිපත්ති උල්ලංඝනය වෙන්නේ නැති බවත් මහාචාර්යවරයා කියා තිබෙනවා. ආහාර සුරක්ෂිතතාව සම්බ්ධව තමන් කෘෂි ආර්ථික විශේෂඥයෙක් විදියට පර්යේෂණ කරලා තියෙනවාලු.
ඇත්ත තත්වය ගැන කොළේ වහගෙන ඉන්න කෙනෙකුට සැබෑ තත්වය කරදරයක් විය හැකි බවත් ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. ජනතාව දැනුවත් කරන්න කියලා ජනාධිපතිවරයා තමන්ට දැනුම් දී තිබුණු බවත්, තමන් ඒ නිසා ජනතාව දැනුවත් කරපු බවත්, ඒකෙන් ලේකම් ධුරය නැති වීම ගැන තමා දුක් වෙන බවත් ඔහු කියා තියෙනවා.