හේකිත්ත ක්‍රිස්තුරාජ මහා විද්‍යාලය සිංහ සමාජය බලහත්කාරයෙන් අත්පත් කර ගෙන ඇති බැවින් විදුහලේ ඉඩම සහ ගොඩනැඟිලි නැවත ලබා දෙන ලෙස ඉල්ලමින් එම විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ගේ මව්පියන් දෙසැම්ර් 21 වන දින විරෝධතාවක් පවත්වා තිබුණි.
අදාල විදුහලේ කොටසක් මීට වසර කිහිපයකට පෙර සිංහ සමාජය අක්ෂි සායනයක් පවත්වා ගෙන යෑමට යොදා ගෙන ඇති බවත් මේ වන විට බලහත්කාරයෙන් එහි රැදී සිටින බවත් වාර්තා වේ. සිංහ සමාජය විදුහල බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින නිසා තම ළමුන් අධ්‍යාපනය ලබන විදුහල වසා දැමීමට ඉඩකඩක් ඇති බවත් විරෝධතාවට පැමිණ සිටි මාපියන් කිහිපදෙනෙක් සටහන් වෙත පැවසීය.
අදාල විරෝධතාවට අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන්ද සහභාගී වී ඇත.
කෙසේ වෙතත් වත්තල, හැඳල සිංහ ඇස් රෝහල පරිශ්‍රයට ශිෂ්‍ය සංගමයක යැයි කියන පිරිසක් ගේට්ටුව කඩා බලහත්කාරයෙන් ඇතුළු වූ බවට එම රෝහල් කමිටුවේ සභාපති වෛද්‍ය මැල්කම් ස්ටැනිලෝස් වත්තල පොලිසියට දෙසැම්බර් 22 දින පැමිණිල්ලක් කර ඇත.


