කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ඉවත් කරලා..

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ එම ධුරයෙන් ඉවත් කර ඔහුගේ තනතුරට ඩී.එම්.එල්.ඩී බණ්ඩාරනායක මහතාව ජනාධිපතිවරයා පත් කර ඇත.

දෙසැම්බර් 22 දින කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ලෙස සේවය කළ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් තිබුණි.