(මෙය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය වීඩියෝ මාධ්‍යයෙන් දෙසැම්බර් 22 වැනිදා කළ ප්‍රකාශයක්.)
‘පසුගිය 17 වැනි සිකුරාදා කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේදී ඒ උපාධි සහතික ලැබෙන්නට සිටපු සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් කටයුතු කරපු ආකාරය මා හිතන විදියට ඉතාමත් ශිෂ්ඨ සම්පන්නයි. විශාල හික්මීමකින් නිහඬව තමාගේ අදහස් ප්‍රකාශ කිරීමක් එදා සිදු වුණා. මේ සම්බන්ධව විවිධ අය විවිධ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් මෙතැන මම දකින්නේ එදා අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කෙරුවා. ඒ තරුණ තරුණියන් ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදීව ඔවුන්ගේ සහ අප සියලුදෙනාගේම, රටේ සමස්ත ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට තුවක්කු නැතිව, බෝම්බ නැතිව, කුණුහරුප පාවිච්චි කරන්නේ නැතිව ඉතාමත් හික්මීමෙන් කටයුතු කෙරුවා.
ඔවුන්ගේ අයිතිවාසිකම් ප්‍රජාතන්ත්‍රවාදීව, තමන්ගේ නිදහස ප්‍රකාශ කරමින් අනුන්ගේ නිදහසට කිසිම හානියක් නොකර හිත් රිදවන්නේ නැතිව කටයුතු කෙරුවා. රජයක්, විශේෂයෙන්ම ආණ්ඩුවක් වැරදි තීන්දු ගන්නවා නම් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් යටතේ, ප්‍රජාතන්ත්‍රවාදී රටක, සමාජයක. ජනතාවට අයිතිය තියෙනවා.
තමන්ගෙන් අහන්නේ නැතිව, සංවාදයක් කරන්නේ නැතිව අදාල කිසි කෙනෙකුගෙන් අහන්නේ නැතිව වැරදි තීන්දුවක් අරගෙන රජය ඒක ක්‍රියාත්මක කළොත්. ජනතාවට, විශේෂයෙන් ඒ තීන්දුවෙන් හානියට පත් වෙන, ප්‍රශ්න ඇතිවෙන කොටස්වලට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක.
මේ දරුවන් එදා ප්‍රජාතන්ත්‍රවාදය උච්චතම අවස්ථාවට ගෙනාවා. තමන්ගේ විරුද්ධතාවය තැන් තැන්වල ගිහිල්ලා නොයෙකුත් පිස්සු වැඩ කරන්නේ නැතිව. තුවක්කු, බෝම්බ, ප්‍රචණ්ඩත්වය නැතිව. කුණුහරුප නැතිව. ඉතාමත් ශිෂ්ඨ විදියට ඔවුන් හැසිරෙමින් නිහඬව නමුත් ශක්තිමත්ව ඉතාමත් බලගතු ලෙස තමන්ගේ විරෝධතාවය ප්‍රකාශ කළා. අන්න ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ.
ඒ තරුණ තරුණියෝ කවුද කියලා මම දන්නෙ නැහැ. නමුත් ඔවුන්ට මාගේ ප්‍රණාමය මේ රටේ හිටපු ජ්‍යෙෂ්ඨ නායකයෙක් හැටියට ප්‍රකාශ කරන්න කැමතියි.
කවුරු මොනවා කිව්වත් එදා ඔබ කරපු දේ හරියටම හරි. මේ රටේ ඕනෑම ආණ්ඩුවක් වැරදි තියෙනවා නම් විරුද්ධ වෙන්න අයිතියක් තියෙනවා.
නමුත් ඔය කරපු ආකාරයට. ඒ තරම් ශක්තිමත් විරෝධතාවයක් ඔය විදියට තෝරාගෙන ප්‍රකාශ කිරීම මම කලාතුරකින් දැකලා තියෙන්නේ. මෙතැනින් මට පිළිඹිබු වෙනවා රටට ආදරය කරන මට. අපේ රටේ ඈත අතීතයේ ඉඳන් තියෙන ශිෂ්ඨ සම්පන්න බව. එදා ඒ තරුණයින් ඉතා මනාව පිළිබිඹු කෙරුවා. නැවත වතාවක් ඔබට මගේ ප්‍රශංසාව. ස්තූතිය. මේ වගේ අනෙකුත් තරුණයන්, වැරදි සිදු වෙනවා නම් කොයි ආණ්ඩුවකින් හරි. අන්න ඒ විදියට කටයුතු කරන්න.’