නොවැම්බර් මාසයේ උද්ධමන අනුපාතය දශකයකට වැඩි කාලයකින් පස්සේ පළවැනි වතාවට අංක දෙකක් දක්වා ඉහළ ගිය බව වාර්තා වුණා.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය සීයට 11.1ක්. එය ඔක්තෝබර් මාසයේ තිබුණු සියට 8.3 සිට වැඩි වීමක්.
ආහාරවල වගේම ආහාර නොවන නිෂ්පාදනවලට මිල ඉහළ යෑම මේ තත්වයට හේතුව. ගිය වර්ෂයේ ඉඳන් මේ වර්ෂයට සැසඳුවොත් ආහාර ක්ෂේත්‍රයේ උද්ධමනය සීයට 16.9ක්. ඒ කියන්නේ ගිය අවුරුද්දේ නොවැම්බර් කෑම වියදමත්, මේ අවුරුද්දේ නොවැම්බර් කෑම වියදමත් සැසඳූ කළ තත්වය.
ලොකුම විහිළුව මොකක්ද දන්නවාද? අජිත් නිවාඩ් කබ්රාල් ඔක්තෝබර් මාසයේදී ඇවිත් මහා ලොකු මාර්ග සැලසුමක් එළියට දැම්මා. අයවැයක් එන අස්සේ ඔහු ඇමති කෙනෙක් වාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් වගේ එකක් කළා. ඒකෙදී කිව්වේ උද්ධමනය සීයට 4.6 විතර මට්ටමේ තියාගැනීම ඉලක්කය බව.
ඩ‘මාස 150ක් තිස්සේ එක් අංකයක මට්ටමේ තිබුණ උද්ධමනය නිසි ප්‍රතිපත්තිමය පියවර ගැනීම මගින් ඉදිරියටත් පවත්වාගෙන යනු ඇත.’ ඔක්තෝබර්වල කබ්රාල් මහතා කීවේ එහෙමයි.
දැං ඒ ඉලක්ක සුං! ඒවා විහිළු!
ඒ අනුව ඒ කාලයේ අපේ නායකයන් කයිවාරු ගැසූ එක අංකයේ, ඒ කියන්නේ සීයට 10ට අඩු තත්වයේ උද්ධමන අනුපාතය ඓතිහාසික වශයෙන් කඩා බිඳ දමා තිබෙනවා. ඒ කාලේ රාජපක්ෂලා ආඩම්බරයෙන් කීවේ යුද්ධයෙන් පස්සේ උද්ධමනය අඩු වෙන බව. එහෙත්, ඇත්තටම යුද්ධයෙන් පස්සේ මේ රටට විවෘත වූ අවකාශය ප්‍රයෝජනයට නොගත් රාජක්ෂලා තීරණාත්මක ණය කන්දක ශ්‍රී ලංකාව හිර කළා. ප්‍රතිඵලය තමයි අද භුක්ති විඳින්නේ.
නොවැම්බර් මාසයේ තත්වය එසේ වෙද්දී, දෙසැම්බර් මාසයේ තත්වය තවත් දරුණු වීමට ඉඩක් තියෙනවා. මේ වෙද්දී ඉන්ධන මිල ඉහළ යෑමෙන් පස්සේ බස් ගාස්තු වැඩි කරන බව ගැමුණු විජේරත්න වැනි බස් සංගම් නායකයන් කියා තියෙනවා. ත්‍රීවීල් ගාස්තු පළවැනි කිලෝමීටරය රුපියල් 50 සිට 80 දක්වා වැඩි වුණා. බේකරි නිෂ්පාදන ඇතුළු බොහෝ දේවල්වල මිල ඉහළ යෑමේ ඉඩක් තියෙනවා. ඒ ගැන ඇහුවාම සංගම් කියා තිබුණේ මාළුපාන් වගේ කෑම වර්ග ඇතුළට දාන එළවළු ආදියේ මිල ඉහළ යන වේගයත් එක්ක තමන් මිල වැඩි කරන බව. ඒ කියන්නේ නිශ්චිත ගණනකුත් නෑ ඒකට. වරින් වර ඉහළ යාවි.
කන්ටේනර් ප්‍රවාහනය කරන අයත් මිල ඉහළ දමන බව කියා හමාරයි. මේ සියල්ල ඉහළ යන පසුබිමක ඕනෑ භාණ්ඩයක මිල ඉහළ යාවි.
බොහෝ ආර්ථික විද්‍යාඥයන් ඉතා පැහැදිලිව කියන්නේ මේ තත්වය තවත් දරුණු වෙමින් ලබන අවුරුද්දේ ආර්ථිකය තීරණාත්මක කඩා වැටීමකට හේතු වේවි කියා. අප්‍රේල් මාසය වෙනකොට එළවළු මිලත් තීරණාත්මක විදියට ඉහළ යනු ඇති බවත්, හිඟයක් ඇතිවෙන බවත් කියා තියෙනවා.
පොහොර අර්බුදය හරියටම කරළියට එන්නේ මේ කන්නයේ ගොවීන් වගා කටයුතු පටන් අරන් සතියක් දෙකක් යද්දී. මහා පුපුරායෑමක් විදියට ගොවීන් පාරට බහීවි.