ඛනිජ තෙල් තොග ගබඩා සභාපති අස්වීමේ ලිපිය ජනාධිපතිට දීලා! ගම්මන්පිළගේ බලපෑම නිසාලු

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට බාරදීලා.

ඒ මහතාට සභාපති ධූරයෙන් ඉවත් වෙන්න කියලා අමාත්‍ය උදය ගම්මන්පිළ දැනුම් දීලා තිබුණා. ඒ වගේම මේ තීන්දුව ගැන කැබිනට් මණ්ඩලයේදී ඇමතිවරයා කතා කරලාත් තිබුණා. ජනාධිපතිවරයා මේ අදහසට එතරම් එකඟ නොවූ බවත් කැබිනට් මණ්ඩල ආරංචි මාර්ග කියා තිබුණා.