ණයවර ලිපි විවෘත කිරීමේ නොහැකියාව නිසා මේ වෙද්දී කිරිපිටි හිඟයක් රට තුළ වර්ධනය වීමේ ඉඩක් තියෙන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර කියා තිබුණා.
බැංකුවලින් කිරිපිටි ආනයනයට ණයවර ලිපි විවෘත කරන්න ලැබෙන්නේ නැහැලු. අපි හැමෝම දන්නා පරිදි සාමාන්‍යයෙන් භාණ්ඩ ආනයනයේදී කරන්නේ බැංකුවේ සහතිකය ඇතිව, ලංකාවේ බඩු ගෙන්වන වෙළෙන්දා සහ පිටරට ඉඳන් බඩු ගෙවන කෙනා අතර මුදල් ගෙවීමේ පොරොන්දුව සහිත එකඟතාවක් ඇති කර ගැනීම. ණයවර ලිපියක් විවෘත කරනවා කියන්නේ ඒක. ඒත් මේ වෙද්දී ආනයනකරුවන්ට ණයවර ලිපි විවෘත කිරීම ලාංකික බැංකුවලින් සීමා කරලා තියෙනවා. විවෘත කළා වගේ නෙවෙයි, ගෙවන්න සල්ලි නැති වේවි කියා.
මේ හේතු නිසා ආනයනය සීමා වෙලා විතරක් නෙවෙයි. දැනට ආනයනය කෙරෙන ටික පවා ප්‍රමාද විය හැකි බව එහි සඳහන්.