අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දෙසැම්බර් 24 දින ඉන්දියාවේ තිරුපති කෝවිල වැඳපුදා ගැනීම සඳහා යෑමට නියමිත බව මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ අනුව අගමැතිවරයා දින දෙකක් ඉන්දියාවේ ගත කර දෙසැම්බර් 26 වනදා ආපසු මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වල සදහන් කර ඇත.
මෙම සංචාරය සඳහා ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහය ලැබෙන බවත් අගමැතිවරයා සමග අගමැති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද සංචාරයට එක්වන බවත් අදාල වාර්තා වල සදහන් කර ඇත.