ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කරනවා නම් තමන් ආණ්ඩුවෙන් යන බව පැවසූවේ කළ වත්මන් රජය කිසිම අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගන්නේ නැති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉතාම පැහැදිලිව කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශ කළ නිසා යැයි ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මාධ්‍ය වෙත පවසා ඇත.
අමාත්‍ය වාසුදේව නානායක්කාර මේ බව පවසා ඇත්තේ දෙසැම්බර් 19 දින පැවති මාධ්‍ය හමුවකදීය.
“සාමුහික වගකීමකුත් තියෙන්න ඕනෙ. නමුත් සාමුහික වගකීම තුළ අපට මතුවෙන ගැටලුවක් වුණොත් ඒකටත් විසඳුමක් අපි හොයාගන්න ඕනෙ. සාමුහික වගකීමක් එන්න පුළුවන් නොදැනුවත්ව යම් කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තත්. නමුත් අපි මතුකරනවා, අපි කවුරුත් දැනුවත්ව එකඟත්වයෙන් මේ පිළිබඳ තීන්දුවකට පැමිණීමට නොහැකි වූ නිසා අපට අපේ අදහස් වෙනම ඉදිරිපත් කිරීමට අයිතියක් තිබෙනවා කියලා.
ඡන්දය ප්‍රකාශ කරන්න අවස්ථාවක් ආවොත් පාර්ලිමේන්තුවේ අපේ ඡන්දය අපි පාවිච්චි කරන්නේ, මේ අද ගෙනවිත් තිබෙන යෝජනාවට විරුද්ධවයි”
ප්‍රශ්නය – අයවැය ඡන්දයක් තිබුණානෙ පසුගිය දවස්වල … ?
“අයවැය තුළ යුගදනවි තිබුණෙ නෑනෙ. ආණ්ඩුව IMF එකට යන්නෙ නෑ කියන එකේ තේරුම තමයි මම ආණ්ඩුවකට ඉන්නෙ නෑ IMF එකට යනවා නම් කියා කියලා තිබෙන්නෙ. බැසිල් රාජපක්ෂ මහතා ඉතා පැහැදිලිව කැබිනට් මණ්ඩලයට කිව්වා IMF එකත් එක්කලා ගනුදෙනුවකට යෑම අපට මේ වෙලාවේ හිතන්නවත් බැරි දෙයක් කියලා. එතුමා කිව්වා.”
“මේ රටේ ධනපති පංතිය කිසිම කැපකිරීමක් කරන්නෙ නෑ. ඒගොල්ලො වෙනදා වගේම සුඛ විහරණයෙන් හා ලෝකය වටේම ඇවිදිමින් සවාරි යමින් ඉන්නවා ඒගොල්ලොන්ගෙ පවුල් පිටින් නිවාඩු කාලෙ. ඇමතිවරු නෙවෙයි”
ප්‍රශ්නය – මුදල් ඇමති බැසිල් මහත්තයාත් ඊයෙ පෙරේදා රට ගියේ ?
“බැසිල් මහත්තයාගෙ පවුල ඉන්නෙ එහෙනෙ. ඒ හින්දා මනුස්සයා යන්න එපෑයැ. පවුල බලන්න යන්නෙ නැතුව ඉතින් කවුරු බලන්න යන්නද ?”