දෙසැම්බර් 19 වන දින උදෑසන සිට දෙසැම්බර් 20 දින උදෑසන 6.00 දක්වා කාලය තුළ ගෑස් සම්බන්ධ සිද්ධීන් 21ක් වාර්තා වී ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව පවසා ඇත.
මෙම සිද්ධීන් 21 න් සිද්ධි 15 ක් බස්නාහිර පළාතෙන් පිටත ප්‍රදේශවල සිදු වුණ ගෑස් සම්බන්ධ සිද්ධින් බවත් පොලිසිය මාධ්‍ය වෙත පවසා ඇත.
නොවැම්බර් මස 1 වෙනිදා සිට මේ දක්වා දින 49ක කාලය තුළ ගෑස් සම්බන්ධ සිද්ධියෙන් 836 ක් පොලිසියට වාර්තා වී ඇති බවත් මෙම සිද්ධීන් රට පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවත් එම සිද්ධීන් වලින් සියයට 95 ක් පමණ ගෑස් ලිප්වලට සිදුවූ හානි බවත් පොලිසිය පවසා ඇත.