අත්‍යවශ්‍ය එළවළු වර්ග දහයක් නැතිව නත්තල් සමරන්න ලෑස්ති වෙන්න කියලා දඹුල්ල තොග වෙළෙන්දෝ කියනවා.
ඉදිරි කාලසීමාව ඇතුළේ පොහොර සපයන්න බැරිව ෆේල් වුණොත් අප්‍රේල් අලුත් අවුරුද්ද කාලයටත් එළවළු නැතිව උත්සව සමරන්න වෙනවා කියලා ඔවුන් පෙන්වාදෙනවා.
ලීක්ස්, කැරට්, බෝංචි, බීට්, සලාද, වම්බටු, අමුමිරිස්, ගෝවා, මාළුමිරිස්, තක්කාලි ඇතුළු භාණ්ඩවල හිඟය උග්‍රයි කියා දඹුල්ල විශේෂිත ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයේ වෙළඳ සංගමයේ සභාපති ශාන්ත ඒකනායක අරුණ පත්තරයට කියා තියෙනවා.
මේ වෙද්දී අමුමිරිස් ග්‍රෑම් සීය රුපියල් 100 ඉක්මවන බව ප්‍රායෝගිකව කඩේට යන අය දකිනවා.
ඉදිරි කාලසීමාව ඇතුළත තොග මිල දිනපතා ඉහළ යනු ඇති බවත් නත්තල් සතියේ තවත් ඉහළ යෑම වළක්වන්න බැරි බවත් ඔහු කියනවා. මාළු මිරිස් කිලෝව රුපියල් 1000ක්, බණ්ඩක්කා කිලෝව රුපියල් 700 දක්වාත් තොග මිල ඉහළ ගිහිල්ලා.
වාර්තා වෙන විදියට උඩරට, පහතරට, වයඹ, ඌව, යාපනය ඇතුළු එළවළු වවන කලාපවල කුඩා, මධ්‍යම සහ මහා පරිමාණ එළවළු ගොවීන් ලක්ෂ 10කට ආසන්න පිරිසක් මේ වෙද්දී වගාවන්වලින් ඉවත් වෙලා ඉන්නවා කියලා ගොවි නායකයන් අවධාරණය කරනවා.