වරායේ හිරවූ කෑමවලට ඩො. මි. 25 තාම නෑ! කමක් නෑ කබ්රාල් මහත්තයෝ, ඔයාගෙ පඩි දෙක හදාගත්තනේ..

වරායේ හිරවෙලා තියෙන ආහාර ද්‍රව්‍ය තියෙන කන්ටේනර් මුදාහැරීම සඳහා අවශ්‍ය ඇමෙරිකන් ඩොලර් මිලියන 25ක් දුන්නේ නැති හින්දා තාමත් වරායේ ඒවා හිරවෙලා තියෙනවාලු.

දෙසැම්බර් 16 හෙවත් ගිය සතියේ බ්‍රහස්පතින්දා වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන ආහාර ආනයනකරුවන්ට පොරොන්දු වෙලා තිබුණා දෙසැම්බර් 17 වෙනකොට මුදල් නිදහස් කරන බව. ඔහු කියා තිබුණේ තමන්ට මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සල්ලි දෙන්නට එකඟ වූ බවක්.

පේන විදියට අජිත් නිවාඩ් කබ්රාල් මහත්තයාට ලක්ෂ හතරේ පඩියට අමතරව විශ්‍රාම වැටුපකුත් ලැබුණ සතුටටදෝ, රටේ මිනිස්සුන්ට කන්න බොන්න අවශ්‍ය කෑමබීම තියෙන කන්ටේනර් රිලීස් කරන්න අමතක වෙලා.

සීනි, පරිප්පු, අර්තාපල්, හාල්, බිලූණු මේ කන්ටේනර්වල තියෙනවා. මේවා නිදහස් නොකර කල්ගත වෙන තරමට ඒවායේ ගුණාත්මකභාවය අවුල් වෙනවා. සරල බසින් කීවොත් කෑම නරක් වෙනවා.

සමහරවිට ඊට පස්සේ පුළුවන් සුදුළූණු වංචාව වගේ කන්ටේනර් පිටින් ගජමිතුරෙක්ට නිදහස් කරලා, කොමිස් අරන් ප්‍රමිතියෙන් තොර ආහාරවලට අනුමැතිය දීලා වෙනම සෙල්ලමක් දාන්න. ඒක ලංකාවේ හැටිනේ.