ඉන්ධන ආනයනයට අවශ්‍ය මුදල්වල හිඟයක් තියෙන නිසා අයිඑම්එෆ් හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවාද, නැද්ද යන කැබිනට් මණ්ඩල සංවාදයේදී ගම්මන්පිළ අමාත්‍යවරයා දෙපාර්ශ්වයටම බර නොවී නිහඬව හිටියාලු.
ඒ අතර ඉන්ධන ප්‍රශ්නය විසඳන්නට සලාක ක්‍රමයට ඉන්ධන දෙමු කියා වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා යෝජනාවක් ඉදිරිපත් කළාලු.
ඉන්ධන ආනයනයට මාසෙකට ඩොලර් කෝටි 40ක් (මිලියන 400ක්) ඕනෑ බව උදය ගම්මන්පිළ මහතා පෙන්වා දීලා තියෙනවා. ලොක්ඩවුන් නැති නිසා දැන් ඉන්ධන පාවිච්චිය වැඩි වෙල තියෙන බවත් ඔහු මතක් කරලා.
ඊළඟ මාසයේ තෙල් ගෙන්වන්න ඩොලර් මිලියන 42ක් විතර අවශ්‍ය වෙන නමුත් තවමත් ඒ සල්ලි නැතිව ඛනිජ තෙල් සංස්ථාව අර්බුදයක ඉන්නවා. තෙල් සංස්ථාවට රුපියල් උපයන්න පුළුවන් වුණත්, වියදම් කරන්න අවශ්‍ය ඩොලර් උපයන්න බැරි බව ඔහු මතක් කරලා තියෙනවා.
ඒ වගේම තෙල් සංස්ථාව රාජ්‍ය බැංකු දෙකකට ඇමෙරිකානු ඩොලර් කෝටි 370ක් හෙවත් ගෙවන්න තියෙන බවත් ඔහු කියලා. ඒ ලංකා බැංකුවට ඩොලර් කෝටි 196ක් සහ මහජන බැංකුවට ඩොලර් කෝටි 176ක් ගෙවන්න තියෙන බව පෙන්වාදීලා.
මේකට උත්තර විදියට තමයි වාසුදේව නානායක්කාර මහතා කියා තියෙන්නේ ඉන්ධනවලට කූපන් ක්‍රමයක් හඳුන්වාදුන්නොත් පරිභෝජනය අඩු වේවි කියලා. ඒත්, කැබිනට් සාමාජිකයන් ගොඩක් ඒකට එකඟ වෙලා නෑ.
සලාක ක්‍රමේට ඉන්ධන ගන්න වුණොත් කොහොමට හිටීවිද?
ඒත් ණය වාරික ගෙවීම හැරුණාම ඉන්ධන හිඟයක් නැතිව රට ගෙනියන එකත් මේ වෙලාවේ ලොකුම අභියෝගයක්. ඉන්ධන නැති වුණොත් ලංකාවේ ආහාර ප්‍රවාහනය, එදිනෙදා වැඩකටයුතු වගේම ගොඩක් අයගේ රස්සා පවා නතර වීමේ ඉඩක් තියෙනවා. සම්පූර්ණයෙන් රට ඇණහිටින්න ඉඩ තියෙනවා.
එවැනි පසුබිමක ගම්මන්පිළ ඇමතිවරයා ජාතිකවාදී මතවාද දැරුවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමට විරෝධයක් නොපා, ටිකක් ඒ තර්කයට අනුගතව කතා කළ බව කියනවා.
මේ වෙද්දී ඉන්දියාවෙන් ඩොලර් කෝටි 140ක් (ඩොලර් බිලියන 1.4ක්) ලැබීමට නියමිත බව මුදල් ඇමතිවරයා කියලා. රුසියාව, චීනය, ජපානය ආදී මිතුරු රටවල් එක්ක කතා කරලා සල්ලි ඉල්ලන බවත් කියලා.