මහා භාණ්ඩාගාරයෙන් තමන්ට ලැබිය යුතු විශාල මුදලක් ලබා ගැනීමට නොහැකිව පැවැතිම නිසා පොහොර ඇනවුම් කිරීමේ බාධා පැමිණ ඇති බව පොහොර ආනයනකරුවන් කෘෂිකර්ම ඇමතිවරයාට සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයාට කියා තියෙනවා.
ඒ අනුව පොහොර ගේන්න අවසර දුන්නාට ගොවියන්ට ඊළඟ කන්නය වගා කරන්න අවශ්‍ය පොහොර නැහැ. ගේන්න විදියකුත් නෑ. දැනටමත් වගා කරන්න ඕනෑ කාලය පහුවෙමින් යනවා. ලංකාවේ ගොවීන් බොහොමයක් කුඹුරු අත්හරිමින් යනවා. වගා ආරම්භ කරන වෙලාවේම පොහොර අවශ්‍ය නොවන බව ඇත්ත. එහෙත්, පොහොර එන බවට සහතිකයක් නැත්නම් ගොවීන් වගා කටයුතු ආරම්භ කරන්නේ නෑ. වැඩ පටන් ගනිද්දීම අතේ පොහොර මිටි තබා ගන්න ගොවීන් කැමතියි.
ඒ බව ඇමතිවරයාගේ මාධ්‍ය අංශයෙන්ම මාධ්‍යවලට කතාව යොමු කර තිබීම විශේෂත්වයක්. සාමාන්‍යයෙන් මෙවැනි කතා යට ගහන්න තමයි ආණ්ඩුවේ මාධ්‍ය අංශ උත්සාහ කරන්නේ. ආණ්ඩුවේ දුර්වලතාව පේන නිසා.
ඒත්, දැන් ඇමතිවරුන්ගේ කාර්යාල පවා තමන්ගේ ක්ෂේත්‍රවලට අදාල අර්බුද මාධ්‍යවලට යොමු කරලා, එළියෙන් එන බලපෑම මත ප්‍රශ්නය විසඳාගන්න උත්සාහ කරන බව පේනවා.
කොහොමහරි කෘෂිකර්ම ඇමති මහින්දාන්ද අලුත්ගමගේ පොහො ආනයනකරුවන්ට කීවාලු ඒ පිළිබඳ මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර, ජනවාරි 05දාට පෙර ආනයනකරුවන්ට ගෙවිය යුතු මුදලින් කොටසක් ලබා දෙන බව. කෙසේ වෙතත් මේ ප්‍රමාදය වගා කටයුතු ආරම්භ නොකිරීමට හේතුවක් වේවි.