කොළඔ විශ්ව විද්‍යාලෙය් කුලපති ලෙස ජනාධිපතිවරයා පත් කළ මුරත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ පත් කිරීමට විරෝධය දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ 2021 උපාධි ප්‍රදානෝත්සවය සඳහා එහි විද්‍යා ආචාර්යවරුන්ගේ සංගමයේ සාමාජිකයන් සහභාගි නොවීමට තීරණය කර ඇති බව ‘සටහන්’ වෙත වාර්තා වේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඊට සහභාගි වන බැවින් උන්වන්සේගේ පත්වීමට විරෝධය පළ කිරීම උදෙසා බව මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
අදාල උපාධි ප්‍රදානෝත්සවය දෙසැම්බර් 17 දින පැවැත්වීමට නියමිතය.
ආනන්ද හිමියන්ගේ පත්වීමට විරෝධය දක්වමින් උපාධිය ලබා ගැනීමට පැමිණෙන විශ්ව විද්‍යාල සිසුන්ද එදින තම අතේ කලු පටියක් බැඳ, උපාධිය ප්‍රදානෝත්සවයට පැමිණිමට නියමිතය.
කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත්කිරීම සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා ආචාර්යවරුන්ගේ සංගමය (UCSTA) මුල් අවස්ථාවේදී විරෝධය පළකර කරමින් නිවේදනයක් නිකුත් කර තිබුණි.