මිලියන 6.5ක් නිසා රටක් එක්ක තරහ වෙන්නෙ මොකද අප්පා? – ජොන්ස්ටන්ගෙන් වැරදි තර්කයක් ඒක රටක් නෙවෙයි කම්පැණියක්!

ඩොලර් මිලියන 6.5 නිසා රටක් සමග අමනාප වෙනවා ද, එසේ නොමැති නම් එය සාමකාමීව විසදා ගන්නවා ද යන්න තීරණය කළ යුතුයි , චීන පොහොර සමාගමට වන්දි මුදල් ගෙවීමේ කිසිදු වරදක් තමන් දකින්නේ නෑ කියලා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද කුරුණෑගලදී කීවාලු.

ඒත් මේ තර්කයම වැරදියි. අපි ඩොලර් මිලින 6.5ක ගිවිසුමක් ගැහුවේ රටක් එක්ක නෙවෙයි. කම්පැණියක් එක්ක. ඒ ගැහුවේ අදාල කම්පැණියෙන් අපට ලබා දෙන සැපයුමකට අදාලව. හැබැයි ගිවිසුම ගැහුවේ තොපි ඕනෑ මගුලක් එවපල්ලා, එවන ඕනෑ එකකට අපි සල්ලි ගෙවන්නං කියලා නෙවෙයි. ඒ වෙනුවට ප්‍රමිතිය ඇතුලු කොන්දේසි ගිවිසුමේ තිබුණා. එයාලා ගිවිසුම කැඩුවා නම්, සල්ලි ගෙවන්න ඕනෑ නැහැ.

විශේෂයෙන් ජොන්ස්ටන් අපේ රටේ මිනිස්සු බූරුවෝ කියල හිතං ‘රටවල් අතර ප්‍රශ්නයක්’ විදියට මේක හයිලයිට් කළාට ඇත්තටම මේක රටක් සහ කම්පැණියක් අතර ප්‍රශ්නයක්.

හැබැයි මේකට තව පැත්තක් තියෙනවා. අපි තේරුම් ගන්න ඕනෑ කෑල්ලක් තමයි කැබිනට් ඇමති කෙනෙක් මේක රටවල් අතර ප්‍රශ්නයක් කියලා කියන තැනට පත් වෙන්න තරමට, අදාල රට අපට තීරණාත්මක විදියට බලපෑම් කරලා තියෙන්න පුළුවන් බව. ඒ කියන්නේ හුදෙක් ප්‍රමිතියෙන් තොර බඩු එව්ව කම්පැණියකට සල්ලි ගෙවපන් කියලා රටක් අපි එක්ක තරහා වෙන්න ඉඩ තිබුණ බව. ඒ විදියේ බලපෑමක් චීනය පැත්තෙන් තිබුණා නම්, අපි නොදන්න දෙයක් ජොන්ස්ටන් දන්නවා නම් එහෙම රටක් එක්ක අපි තවදුරටත් ගනුදෙනු කරන්නේ මොකටද කියලා හිතන්න වෙනවා.

ඇමතිවරයා වැඩිදුරටත් මෙහෙම කියලා.

‘ජනතා මුදල් වැයවීමට වඩා ගිවිසුමක් සම්බන්ධ ගැටලුවක් මෙහිදී ඉස්මතු වී තිබෙන්නේ. කැබිනට් මණ්ඩලය විසින් අදාළ මුදල ගෙවිය යුතු බවට තීරණය කර ඇති බව ද පැවසීය. රටවල් සමග වැඩ කිරීමේදී ප්‍රවේශමෙන් වැඩ කළ යුතුයි.

මෙම ක්‍රියාවලියේ දී යම් වරදක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව සොයාබැලිය යුතු නමුත් ඊට පෙර රටවල් දෙකක් අතර ඇතිවීමට යන අර්බුදයට විසඳුම් ලබා දිය යුතුයි.  ගිවිසුම් ගතවීමෙන් පසුව යම් වරදක් සිදුවී ඇත්නම් ඒ මුදල ගෙවිය යුතුයි. ඩොලර් මිලියන 6.5 ක් නිසා රටක් සමග අමනාප වෙනවා ද, එසේ නොමැති නම් එය සාමකාමීව විසදා ගන්නවා ද යන්න තීරණය කළ යුතුයි.