අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ඉහල දැමීමටත්, ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 240 දක්වා ඉහල දැමීමටත් රජයේ අවධානය යොමුව ඇතැයි මුදල් අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි පවසා ඇති බව මාධ්‍ය ගණනාවක් වාර්තා කර ඇත.
ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීම සඳහා වූ විශේෂ සාකච්ජාවක් දෙසැම්බර් 16 දින ( අද) රාත්‍රී 8.00ට වැඩබලන මුදල් අමාත්‍ය ජී.එල්. පීරිස් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බවත් එම වාර්තා. වල සදහන් කර ඇත.
ජනාධිපතිවරයා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස විදේශ අමාත්‍ය ජී. එල් පීරිස් පත්කර තිබේ. ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මේ වනවිට අමෙරිකාවට ගොස් ඇති බැවිනි.