2019 සැප්තැම්බර් 12වන දින රාත්‍රියේදී බීමතින් අනුරාධපුර බන්ධනාගාරයට කඩා වැදී දෙමළ සිරකරුවන් දණ ගස්වා , රැදවියන්ට හිසට පිස්තෝලය තබා මරණ තර්ජනය කළ හිටපු බන්ධනාගාර පුනරුත්ථාපන අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අදාල ක්‍රියා කලාපයට එරෙහිව පියවර නොගත් නිසා පොලිස්පතිවරයාට නඩු පවරන බව දන්වමින් නීතිඥ ප්‍රබෝධ රත්නායක එන්තරවාසියක් යවා ඇත.
දෙසැම්බර් 16 දින මෙම එන්තරාවාසිය යවා ඇති අතර එහි සදහන් වී ඇත්තේ තම සේවාදායකයන් වන සිරකරු අයිතීන් සුරැකීමේ කමිටුවෙහි සභාපති නීතිඥ සේනක පෙරේරා සහ ලේකම් සුදේශ් නන්දිමාල් යන අයගේ උපදෙස් මත එම එන්තරවාසිය එවන බවය.
තම සේවාදායකයන් මීට මාස 3 කට පෙර ලොහාන් රත්වත්තේ සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලට පියවරක් නොගැනීම මෙම නඩු නිමිත්ත ලෙස අදාල එන්තරාවාසියේ සදහන් කර ඇත.
2021 සැප්තැම්බර් 12 වන දින ලොහාන් රත්වත්තේ මහතා අනුරාදපුර බන්ධනාගාරයට මෙසේ කඩා වැද රැදවියන්ව දණ ගස්වා , රැදවියන්ට පිස්තෝලයක් ඔළුවට තබා මරණිය තර්ජනය සිදු කර තිබුණු අතර ඊට දිනකට පෙර වැලිකඩ බන්ධනාගාරයටද රාත්‍රියේ පිරිසක් සමඟ පැමිණ එල්ලුම් ගහ නැරඹිට යෑමට තැත් කර ඇති බවත් එහිදී එහි සිටි නිලධාරීන්ට අසභ්‍ය වචන කියමින් බැන වැදී තිබුණ බවත් මාධ්‍ය වාර්තා කර තිබුණි.
රත්වත්ත මහතා බන්ධනාගාරය තුලට කඩා වැද රැදවියන් සිදු කළ මරණ තර්ජන පිළිබඳව දෙස් විදෙස් මානව හිමිකම් සංවිධාන වල අවධානයට යොමු වූ තිබුණි. අධිකරණ ඇමැතිවරයා අදාල සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන පත් කළ අතර ඒ සම්බන්ධයෙන් වැඩි දුර විස්තර ප්‍රසිද්ධ කර නොතිබුණි.
ඊට අමතරව බන්ධනාගාර කොමසාරිස් සුනිල් කොඩිතුවක්කු සිදු කරන ලද පරික්ෂණ වාර්තාව බන්ධනාගාර කොමසාරිස් ජෙනරල් තුෂාර උපුල් දෙණිය වෙත බාර දී ඇති අතර මානව හිමිකම් කොමිෂන් සභාවෙන්ද මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර තිබුණි. එහෙත් මෙම කිසිදු වාර්තාවක් ප්‍රසිද්ධ කර නැත.
නීතිඥ ප්‍රබෝධ රත්නායක යවන ලද එන්තරාවාසිය පහත දැක්වේ.
