90%ට වඩා ප්‍රමිතියෙන් තොර උදුන් හා උපාංග හේතුවෙන් පසුගිය දිනවලදී වාර්තා වූ ගෑස් පිපිරීමේ අනතුරු සිදු වී ඇති බවට විමර්ශනවලින් තහවුරු වී ඇති බව ලීට්‍රෝ සමාගම දෙසැම්බර් 16 දින අධිකරණයට කරුණු දක්වමින් පවසා ඇත.
මින් ඉදිරියට පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය සහ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අනුමත කරන ගෘහස්ථ ගෑස් පමණක් වෙළඳපොළට මුදාහැරීමටත් ගෑස් සිලින්ඩරයක් තුළ අන්තර්ගත ගෑස්වල සංයුතිය දැක්වෙන ස්ටිකරයක් එම සිලින්ඩරය මත ප්‍රදර්ශනය කිරීමට එකඟ වන බවත් ලිට්‍රෝ ගෑස් සමාගම අද අභියාචනාධිකරණයට ප්‍රතිඥා දෙමින් පොරොන්දු වී ඇත.
ගෘහස්ථ ගෑස් සිලින්ඩරවලින් සිදුවන ගෑස් කාන්දුවීම් හේතුවෙන් සිදු වූ අනතුරු පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා නාගානන්ද කොඩිතුවක්කු මහතා ඉදිරිපත් කළ රීට් පෙත්සම කැඳවූ අවස්ථාවේදී ලිට්‍රෝ ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මෙම දැනුම් දීම සිදු කර ඇත.
අදාල පෙත්සම රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
දෙසැම්බර් 15 දින අභියාචනාධිකරණය කළ දැනුම්දීම පරිදි ලිට්‍රෝ ගෑස් සමාගම වෙනුවෙන් මෙම දිවුරුම් පෙත්සම් දෙක ඔවුන්ගේ නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කර ඇත.
පාරිභෝගික සේවා අධිකාරිය සහ ප්‍රමිති කාර්යාංශය වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ මනෝහර ජයසිංහ අධිකරණයට දන්වා. ඇත්තේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත විය යුතු සංයුතිය පිළිබඳව තීන්දු කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය දෙසැම්බර් 20 වන දා විශේෂ රැස්වීමක් කැඳවා ඇති බවය.
එහිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත විය යුතු ප්‍රමිතිය හා සංයුතිය පිළිබඳව කඩිනම් තීන්දුවක් ගන්නා බව ඔහු පවසා. ඇත.