නිදහස් මාධ්‍යවේදී කීර්ති රත්නායක ජනවාරි 15 දක්වා රිමාන්ඩ්

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන  කීර්ති රත්නායක මහතාව 2022 ජනවාරි 15 වෙනි දින දක්වා බන්ධනාගාර ගත කිරිමට කොළඔ මහ්‍රේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.

ශ්‍රී ලංකාවේ ඇති ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් සිදු වීමට ඇති බවට කිර්ති මහතා එම කාර්යාලය දැනුවත් කර ඇති අතර එම කාර්යාලයෙන් අදාල සිද්ධිය පිළිබදව සොයා බලන්න යැයි  පොලිසියට  කළ පැමිණිල්ලක් කර තිබුණි.

ඉන්පසුව කිර්ති රත්නායක මහතාට  අගෝස්තු 14 දින අදාල සිද්ධිය සම්බන්ධයෙන්  ප්‍රකාශයක් ලබා දීමට කොල්ලුපිටිය පොලිසියට පැමිණෙන ලෙස මහනුවර පොලිසියෙන්  ඔහුගේ නිවසට දැනුම් දීමක් සිදු කර තිබුණි.

අදාල ප්‍රකාශය ලබා දීමට කිර්ති මහතා කොල්ලුපිටිය පොලිසියට පැමිණි අවස්ථාවේදී  ඔහුව කොළඔ අපරාද විමර්ශණය ඒකකයට රැගෙන ගොස් එහිදි අත්අඩංගුවට ගෙන ඇත.

අගෝස්තු 17 වන දින  ත්‍රස්ත්‍රවාදය වැලක්වීම පනත යටතේ රදවා තබා ගනිමින් ඔහුගෙන් ප්‍රශ්ණ කිරීමට රැඳවුම් නියෝග ලබා ගෙන  තිබුණි.

තමන්ව නිකරුණේ අත්අඩංගුවට ගැනීම පිළිබඳව කිර්ති රත්නායක මහතා මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.