පොඩි ලැසී රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටි ජනිත් මධුශංක හෙවත් “පොඩි ලැසී” දෙසැම්බර් 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.

බන්ධනාගාරය තුළදී සැකකරුට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගන්නා ලෙසත් මෙහිදී මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර ඇත.

අදාල සැකකරුගේ රැඳවුම් නියෝග දෙසැම්බර් 15 වන දින අවසන් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික. සී. රාගල මහතා හමුවට ඉදිරිපත් කර තිබුණු අතර එහිදි මෙම නියෝගය ලබා දී තිබුණි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පිලිප් පිරිස් එම සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සමඟ එක්ව මත් ද්‍රව්‍ය හා අවි ජාවාරම් කළ බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බව පවසා. ඇත.

ඔහුගේ රැඳවුම් නියෝගය දෙසැම්බර් 17 වනදා අවසන් වීමට නියමිතව තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණය ලබාදුන් එකඟතාවයන්ට අනුව සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා තිබුණි. එම කරුණු සලකා බලමින් මහෙස්ත්‍රාත්වරයා සැකකරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රැදවුම් භාරයේ තබා ගෙන ප්‍රශ්න කරමින් සිටි ජනිත් මධුසංඛගේ මව සහ සිරකරු අයිතිවාසිකම්ශ්‍රි සුරැකීමේ කමිටුව ලංකාවේ පිහිටි  එක්සත් ජාතීන්ගේ සංවිධානයට නොවැම්බර් 29 වන දින පැමිණිල්ලක් කර තිබුණි.

2021 දෙසැම්බර් 16 දින තම පුතුගේ රැදවුම් නියෝග අවසන් වන බවත් ඉන්පසුව ඔහුව අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර පෑලියගොඩ අපරාධ අංශයට භාර දීමට කටයුතු කරමින් සිටින බවට තමන්ට විශ්වාශ කටයුතු ආරංචි මාර්ග දැනුම් දී ඇති බවත් ඔහුගේ මව තම පැමිණිල්ලේ සදහන් කර තිබුණි.