මන්නාරම අදානිගෙන් බේරාගනිමු. – හේමන්ත විතානගේ

ඉන්දියාවේ අදානි කවුදැයි මට වඩා ඔබ දන්නවා ඇතැයි සිතමි. කොලඹ වරායේ බටහිර ජැටිය ඔහුට දුන් වග ඔබ දනී. ඒ ලංකාවේ ආර්තික මර්මස්ථානයකි. ඔහුගේ මීලග ගොදුර වන්නට යන්නේ මන්නාරමයි. ඒ මෙගාවොට් 500 ක සුලං බලාගාරයක් සදහාය. ශක්‍යතා අධ්‍යයන, පරිසර වාර්තා තවමත් නැත. දනගන්නට ඇති පරිදි මේ බලාගාර ව්‍යාප්ෘතිය 2030 දී ලංකාවට අවශ්‍ය එකක් වුවද, එය කඩිනම් කිරීමට උත්සාහයක් ඇත.

අප පසුගිය කාලයේ සටන් කලේ ලංකා විදුලි බල මන්ඩලය ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර මත තැනුනු මෙගාවොට් 100 ක සුලං බලාගාරයෙන් රුසියාවේ, සයිබීරියාවේ හෝ යුරෝපයේ සිට ලංකාවට වාර්ශිකව පර්යටනය කරන මිලියන ගනනාවක් වන කුරුල්ලන්ට අවහිරයක් විය හැකි හා ඔවුන්ගේ මලගම තීරනය කරන්නට තිබුනු ටර්බයින් 56 කට එරෙහිවය. එම අරගලයේ ප්‍රතිපලයක් ලෙස ටර්බයින සංක්‍යාව 30 දක්වා අඩු කල අතර, ආදම්ගේ පාලමෙහි කිලෝමීටර 12 ක් දක්වා හා ඉහල  අහසේ මීටර 400ක් නීරික්ශනය කොට ඉබේම ටර්බයින් යන්ත්‍ර ක්‍රියාවිරහිත කල හැකි රේඩාර් පද්ධතියක් සවි කරවාගන්නට සමත් විය. මෙය අපගේ කලාපයේ එලෙස ක්‍රියාත්මක වන එකම පද්ධතිය වන අතර තවමත් පරීක්ශන මට්ටමේ ඇත. 

මන්නාරම කලාපයේ තවදුරටත් සුලංබලය නිපදවීමට  ශක්‍යතාවයක් තිබුනද එය පර්‍යටනය කරන කුරුල්ල්න්ට මාරාන්තික වන අතර ප්‍රදේශයේ ජනතාවට විශාල පරිසර හා ස්මාජ ප්‍රශ්න මතුකරනු ඇත. විශේශයෙන්ම මෙගාවොට් 500ක් සදහා අවම වශයෙන් සුලංබල කුලුනු 150ක් වත් සවිකල යුතුව ඇත. මේවා සවිකරන්නට වන්නේ ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් වල වන අතර මුහුදු වෙරල මුලුමනින්ම සුලංබල කුලුනු වලින් බහුල වනු ඇත. ඉන්දියාව මේවනවිට ගිගාවොට් 4 ක එනම් මෙගාවොට් 4000 ක පාවෙන සුලං බලාගාර මන්නාරමත්, ධනුශ්කොඩියත් අතර මුහුදේ සවි කිරීමට ව්‍යාප්ෘතියක් සකසන බවද දැනගන්නට ඇත. එසේ නම් පර්‍යටනය වන කුරුල්ලන්ට මේ බලාගාර මාරාන්තික වන්නට බොහෝ විට ඉඩ ඇත.

අද මන්නාරම් සුලං බලාගාරයේ නිශ්පාදන වියදම ඒකකයකට රුපියල් 7ක් පමන වෙයි. ලෝකයේ මේවනවිට සුලංබල ඒකකයක මිල ඉතා සීග්‍රයෙන් අඩුවන බැවින් 2030 වසරට උවමනා බලාගාරයක් කඩිමුඩියේ අත්සන් කොට තව වසර 9 කින් වැඩි මිලට විදුලිය ගන්නට සෑහෙන මොලේ අමාරුවක් දේශපාලකයන්ට හා ඉහල නිලධාරීන්ට තිබිය යුතුය. එසේත් නැතිනම් එය අතිශය දූශිත ගනුදෙනුවක් විය යුතුය.

එමෙන්ම අදානි වැනි ඉන්දියන් සමාගමකට මන්නාරමේ ආයෝජනයකට දොර හැරීම එතරම් ආරක්ශාව අතින් සුබදායී නොවන බව මට සිතේ. අදානි යනු ලෝකයේ ඛනිජ කැනීම් වලට නමගිය සමාගමකි. මන්නාරමේ ඇති ඉල්මනයිට් වැලි නිධිය, යම් තරමකට හෝ ඇති ගෑස් හා තෙල් නිධියන් අදානිගේ මීලග ගොදුර වන්නට බොහෝ විට ඉඩ ඇත. එබැවින් අදානිගේ ශ්‍රී ලංකා ආගමනය අනාගතයේ ලාංකිකයනට මුහුනදෙන්නට සිදුවන තවත් පාරිසරික, ස්මාජයීය, ආර්තික හා ආරක්ශාව පිලිබද ගැටලුවක් වනු නියතය.