සෞඛ්‍ය නීති කැඩුවොත්.. දඩුවම රැපිඩ් ඇන්ටිජන්

එළඹෙන උත්සව සමයේදී  කොළඹ නගරයේ  සෞඛ්‍ය නීති කඩකරමින් කටයුතු කරන ජනතාව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කිරීමට  තීරණය කර ඇති බව ලංකාදීප වාර්තා කර ඇත.

විශේෂයෙන්ම මුව ආවරණ නොපළඳින සහ  පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කරමින් කටයුතු නොකරන පුද්ගලයන් කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කෙරෙන බව  කොළඹ නගර සභාවේ  ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි ලංකාදීපයට පවසා ඇත.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පොලිසියේද සහය ලබාගන්නා බව  සඳහන් කළ හෙතෙම උත්සව සමයේදී  කොවිඩ්  පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවය.